ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුදු නෙළුම

සුදු නෙළුම

රමණී රුක්ලාන්ති - නවසීලන්ත ඔක්ලන්ඩ් පුරවරයේ සිට
2023-December

හිරු කිරණට නොසැලෙණ පියුමක්
කළල් දියක පිපි සුදු නෙළුමක්
නෙලා පැළදගත් දෙනෝදහක්
ඇත විඳීමින් අපමණ සුවයක්

වැස්සක් නැති මහ ඉඩෝරයේ
සීහිල් පැන් ලදීන් පිපාසයේ
සවන් සරණ අම රසෝඝයේ
මත්ව හිඳිමි ඇගෙ සුගීතයේ

හැඟුම් දිග හැරී උවන පුරා
ගයන අරුත හදවතින් පෙරා
හෙළ දිවියේ රාවය මතුරා
ඔබමය නන්දාවෙනි සපුරා