ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සත්වග සුවය සලසාලන පින්කඳ ඔබය

සත්වග සුවය සලසාලන පින්කඳ ඔබය

අමර ගුණසේකර - Marne la Valée ප්‍රංශය
2023-May

ලියන්නට තිබුණු පදවැල් ටික මත්තේම
බැඳලා ගැට හසා දාලා පැත්තක නොබලාම
හිතුවේ නැහැ යලිත් ලියැවේ යයි කිසිදාක
වාසනාව ලදුයෙමි යළි පණ ගැටගහ ගන්න

ලොවම ජීවිතය ජීවත් කරලා තබන
වෙදැදුරු වරුන් දැය වතගොත නොම වටින
කළයුතු බෙහෙත පමණක් හිස රැඳි බැවින
සත්වග සුවය සලසාලන පින්කඳ ඔබය

අනේ මගෙ රටේ අසරණ සත් වගට
ඔබවන් වෙදැදුරන් කෝ සිටියද ගන්නේ කෙලෙස
බුදදස් මහරජුන් ලා ගැන කීවත් අප එකල
නැතිදා කාසි සුව සම්පත ගොස් ඇත පිටට

ප්‍රංශයේ Marne la Valee ප්‍රදේශයේ සිට