ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2022-February

පෙර උවිඳා ගෙන ගිරිදා සිඳු සලත
නැඟි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දාගැබ දිමුත

ඉතා ඈත කාලයේ විෂ්ණු දිව්‍ය රාජයා මන්දර නම් වූ
මහා පර්වතය ගෙන , කිරි මුහුද කළඹන කල්හී , පෑදී
උඩට නැංගා වූ පෙණ සමූහයෙහි ආකාරය අත් නොහැරියා වූ
සඳ මෙන්, නොයෙක් දිසා නමැති බිත්ති වල කාන්තිය විහිදී
අලංකාර වූ වටදාගෙයි බබළන දාගැබ වැඳ ගන්න.