ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රත්‍යාගමනය –

ප්‍රත්‍යාගමනය –

ඩී. අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
2021-November

අඩ අඳුර බිඳි නාරි දේහය
ඇදෙන විට කවුළුවට ලංවී
ලියන පැදියේ නිසැදි රළුවි
වෙව්ලු අතැඟිලි නිසළවිය සැණ

දවස නිම මග ඇවිද එන විට
ගැටී දිගු නෙත් උස් මහල යට
මද හසින් මෝහයේ ගිණි සිල
දැල්වුයෙන් තරු වළලු පාවිය

ඉඟේ දැවටුනු අඳ නෙළුම් මල
කොඳුරමින් යදිනා රහස පැන
හදම තද කරමින් සපන විට
තුස පියාපත් සැලී අඹරට

කුසගින්න ඇගෙ සිහි සිඳින්නී
එල්ලෙමින් ගෙල බිම සිඹින්නී
ලතෙත් මෝදුව ඇයගෙ දෑතට
පිදූ කිරි පිඬු පින් ලැබෙන්නී

20 10 2021