ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පසුවදනක්

පසුවදනක්

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-June

උඩවත්ත කැලේ ගස් – බිම හෙලා කුසුම් පෙති
කළු වලා ඇදී විත් – සැඟෙව්වා ඉරේ එළි

හැමුව මුත් සුසුම් වැද – බියකරුම සුළං රැළි
නිසසලව ගල්වුනා – නුවර වැව් දියේ සුළි

ගහලයා උඩට ගත් – කගපතේ කොණ වැදි
ගිලිහුනා හිස කඳින් – ගලා ලෝහිත කැදලි

අයියණ්ඩි බිය නොවන් – මහ හඬින් කිව්වාට
නොදැන හිටියා නේද – පස්සෙ වෙන දේ ඊට

ලියුවාට පොතපතේ – වීරයෙක් ලෙස මාර
නම්බුවට පෙළපතේ -බරක් දුන්නට බෝම

බේරගන්නට නුඹව – නොහිටියෙන් ළඟපාත
අප්පච්චි ඇහැළෙපොළ – වැළපෙනව ඇති තාම