ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිමා නොකරමි නුඹේ සිතුවම…

නිමා නොකරමි නුඹේ සිතුවම…

එස් එල් සෙනෙහෙධීර - ලෙච්වර්ත් - එක්සත් රාජධානිය
2022-November

ගෙවා මෙතුවක් නෑර දවසක්

නොනිමි සිතුවම නිම කරන්නට

මසිත මැළිවනු කිමැයි නොදනිමි

මන්දහාසිනියේ

මෝනලීසා නුඹේ සිතුවම

කෙළෙස ඔහු හට රැගෙන යන්නට

දෙම්ද හෙට දවසේ

දෙනෙත් දල්වා මගේ අබියස

බලා උන්නත් නඟා මදහස

දෙතොල් පෙති සිරකරන රහසට

කල් බලමි රහසේ

මෝනලීසා නුඹේ සිතුවම

නිමා නොකරම තබාගමි මම

පාළු මගෙ කුටියේ

අවසාන තෙලිතුඩු පහර වියැලී

මවෙත නුඹ යළි නොඑන හෙට දින

කෙසේ ඒ දුක දරාගන්නද

ඉකිගසා අඳුරේ

මෝනලීසා නුඹේ සිතුවම

බලා සැනසෙන මහද දෙවොලින්

නොයන් මතු දවසේ