ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇය

ඇය

රේණුකා වීරසිංහ - මෙල්බර්න්
2023-July

බිලිදියක සේ ඉපිද
දැරියක සේ වැඩි
යුවතියකව දොරට වැඩ
පතිනියක සේ පිටව යන්නිය…..

බිරිදක , මවක, ලේලියක හා මිත්තණියක
ලෙසින්ද….
බඩුව,පට්ටට කැල්ල යන
මෙකී නොකී ගරු බුහුමන්ද ඇය ලබන්නිය
එකම එක කදුළකින් ඇගේ හද
තෙමුව කල…
ඇය නිදා ගනු ඇතිය
සුසුමකින් හද තෙමන් ……