ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවබෝධය…….

අවබෝධය…….

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2024-February

තබන්නට ඇගිලි තුඩු විණාවේ තත් මතට
මුල ඉදන් පිළිවෙලට ඉගැන්නු ගුත්තිලට
අභියෝග කරන්නට උරදෙමින් මුසිලට
එදත් හිටියාලු නෙක මිතුරු කැළ ඔහු අවට

පලා සම සිදුරු කළ පියාගේ පතුල යට
වේදනා දෙවන්නට ඔබා එහි ලවණ කැට
දිරි දෙමින් ආවඩා අජාසත් කුමරු හට
එදත් හිටියාලු නෙක මිතුරු කැල ඔහු අවට

බොජුන් මේසය පුරා තිබූනු ඒ අහර ළග
විෂ පෙවූ නෙක බදුන් තබන්නට සීරුවට
සාමයට එරෙහි වී නොයෙක් ලෙස උදව්කළ
එදත් හිටියාලු නෙක මිතුරු කැල ඒ අවට

චරිත තුල ඔබා නම් වෙනස් වූවාට
කාලයේ වැලිතලා සිය ගණන් ගෙවුනාට
අදත් ඒ විලසමයි ලොව වෙනස් වූවාට
නොයෙක් මිතුරන් සිටී මුව සිනා මැව්වාට

ශ්‍රීයානි උඩගoගොඩ

2024/12/11