ගැහැනු
හෙටක් දැකුමය එකම සිහිනය
රැයක් නොනිදන දවස් බහුලය
මලක් පරදන ළපටි පෙනුමය
ගලක් හදවත හරිම දරුණුය
සතුට දැක්කෙත් මැදින් කඳුළුය
ගලන ඉඳහිට යටින් ඇසිපිය
දෙන්න ලොබ නැත වුවද සිත කය
දරුපෙමට දිගු වුනෙම සසරය
තලෙළු සුදු කළු පාට විවිධය
කොට දිගට රැලි ගැසුණු මුහුළය
දුක මැදින් හිනැහුනත් නිහඬය
උන්ට ලෝකෙම කිව්වෙ ගැහැනුය