ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මායා…..

මායා…..

ලලනී ගීකියනගේ - රත්නපුර
2023-July

තරු පායා දිලෙන පැයේ
මෝරපු හඳ පලුව තියේ
පායන සඳ රැසට බයේ
බකමූනෝ ඉගිල ගියේ.

කිරි සයුරක ඉපිද ලොවේ
කොඳ කැකුළට සිනා මැවේ
හිඳ හිඳ කඩුපුලක රුවේ
හිරු දැක මුකුලිතව තැවේ.

සළු ඇදෙනා තිමිර පෙලේ
හිරු මායා ලොවකි දැලේ
සීතල පිනි වැටෙන වෙලේ
පාරන මතකයන් සැලේ.

මිණි බැදි නා ලියක් වෙලා
මර අඟනක් බැලුම් හෙලා
සුරලොව දෙපතුලට හලා..
දෙව් පුත් සිත් වසඟ කලා..!

2023 .06.24