ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2023 අගෝස්තු
හෙළ කවි අඹර දිලි පුන්සඳ සරි සවිය
පත් මහ ගෙදර මඳකිණි සහසක් මැවිය
සිරස නමමු වෙත පිරි හෙළයෙකු දිවිය
තිලකරත්න කුරුවිට බණ්ඩර කිවිය
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ජ්‍යෙෂ්ට පුවත්පත් කලාවේදී ,සාහිත්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර කිවිඳුන් ගේ උපන් දිනයත් ඔහුගේ කනිෂ්ට සොයුරු මහාචාර්ය සුනිල් ආරියරත්න සූරින් ගේ උපන් දිනයත් වසර පහක පරතරයකින් ජූලි 28 දාට ම යෙදීම අරුමයක් මෙන්ම භාග්‍යයක් නොවන්නේ ද? එතුමන්ට ලන්ඩන්කවි සරණියේ ආදරණීය සුබ පැතුම්!
ලන්ඩන් කවි සංසදය මංගල හමුව ඡායාරූප
එංගලන්තයේ කේම්බ්‍රිජ් නුවර දී පැවත්විනි.
උස් නිදහස
අපේ ජාතිය
බලයෙන් ඉම්බ
උත්තර අපේ මව්බිම
හැත්තෑ පහක්
මාරුවෙන් මාරුවට
සුර විමනක් මැවූ
අභිමානවත් මේ බිම
අණන සුඛය විඳින
භෝගයෙන් ආඩ්‍යය
සුර සැප විඳින
දනන් ඇත තුටින්ම
ලෝකයම ණය
පාලකයන්ගේ විනය
එහෙව් රටක
ජාතික ගීයක්
හැදූ එකත් මරා ගත්තු
අමුතු රටක
වචනයක් වැරදීම
එල්ලිය යුතු වරදක්.
කවිය බලන්න
මේ ඔක්කොම වද විඳින්නෙ මගෙ මව්බිමෙන් පැනල මං ආ හින්දයි
මේ ඔක්කොම වද විඳින්නෙ මගෙ මව්බිමෙන් පැනල මං ආ හින්දයි
සිරිනා පරසිඳු සිරි ලංකාවේ උපන්තෙකට අසනා නොමිනා
නොමිනා දේවල් කොපමණ ඇද්දැයි නොසිතා ඉන්නේ දන අමනා
අමනා දන නම් අන් කවුරුන්දැයි සිතනා කල ගත සිත දවනා
දවනා සියලුම සම්පත් ජනසතු දෙස්පලුවන් නොවෙදැයි සිතුනා.
සව් සිරියෙන් සෞභාග්‍යයෙ දැක්මෙන් සරිකළ සිරිපිරි සිරිලංකා
පසිදු මුතු ඇටේ, වැනෙන අඹ ඇටේ කියලා අපහස ලද ලංකා
පරයින් මුහුදට පැනලා එන එක වළකා ගන්නට බැරි ලංකා
රට කරනා පින්වතුන් ඔහොම යං අනාගතේ බය නෑ ලංකා.....
නිවෙස් පෙනෙයි ළඟ එ නමුත් නො නැගෙයි මිනිස් හඬක් අවටම නිහඬයි
අහන්න ආසයි හෝන් අඬක්වත් වාහන මග නො යනා ගාණයි
පාතරාසයට පාන් ලැබෙන්නේ චූන් පාන් සද්දෙත් නැතුවයි
මේ ඔක්කොම වද විඳින්නෙ මගෙ මව්බිමෙන් පැනල මං ආ හින්දයි
පාර දෙපස පන්සල්වල සිමෙන්ති රහතුන් හිමිවරු වැඩ ඉන්නේ
නිකාය ත්‍රිකයේ නායක බෝසත් හිමිවරු කොතෙකුත් වැඩ ඉන්නේ
බුදු පිළම වහන්සේ එකිනෙක හැඩරුව හිරණින් රුවනින් දිලිහෙන්නේ
ඉඳහිට ඒ බුදු අනු රූ සිරසින් දේදුනු බුදුරැස් විහිදෙන්නේ
තුන්වේලම බඩ පිරිලා දරුකැල උස්මුරුතාවෙන් ලෙඩවෙන්නේ
සිව්කොන පාසැල් තිබුණත් ගුරුවරු තාප්පවල පාඩම් දෙන්නේ
පිරුමෙන් හිමිවරු දේශපාලනේ ගාවා මගපල ලැබගන්නේ
බුදුන්ගෙ නිර්මල දහමින් බැබලෙන රටටයි සමහරු ගරහන්නේ
බින්දුවෙ වටිනාකම දන්නා පින්වතුන් පාලනෙත් අරගත්තේ
එකට ඉදිරියෙන් බින්දු කඳක් එන ක්‍රමයක් හොයන්න වැර ගත්තේ
මුලට බින්දුගොඩ වැටෙනා අගයක රඳවා ගත් අය එක පැත්තේ
ඒකෙ රහ බණේ දෙසන්න රටටම ලොඹුකට ඇරපන් කිරිමුත්තේ
කෝටි තිස්තුනක් රකිනා රට දෙව් පවුරක් වැඩ ඉන්නා දේසේ
අරුම සීවරන් දෙවි බැල්මත් හෙළනා රට වගේ ද පරදේසේ
ජීවමාන චතුරංග බලැති රණ කාය රකින ජනතා දේසේ
අපොයි දමල මං ආව අමන කම උනවයි කඳුලක් මගෙ දෑසේ
නීතියෙ දෙව්දුව හොරෙන් බලනවා රෙදි පට අස්සෙන් කියා කියයි
තරාදියෙත් හොර සීල් ගසා ඇති බවක් අනේ සමහරු කියතෙයි
කඩුවත් මලකඩ කාලා නොවැ? නෑ, ලී කඩුවක් යැයි එකෙක් කියයි
මේ ආඩපාලි කියනා කටවල පරංගි දමනා එක නියතයි.
රටටම පුන්කවි හඳක් වෙලා පායා අකලේ බැස ගිය කවි සේකර
යූ එස් ඒ හිඳ පන්හිඳ ලෙලවා මැව් කවි මිණි බැබලෙයි සේ සේකර
මෙ කලේ සේකර පායා සිටියා නම් නව කවි තරු සමගින් ලක'ඹර
බලන්න තිබුණා රිද්ම ලක්ෂණේ හෙළ බස වෙනසක ලවණ ගුණේ සැර
කවිය බලන්න
මිහිඳු කවි
සදා මුරුංගා අත්තේ සිංහලය
බෙදා දෙමල මුස්ලිම් වහලා කොලය
එදා මජරකම් විනිවිද දුටු බලය
නිදා ගෙනැයි නොසිතාපන් අරගලය
විස්ස තිහේ උන් දියසෙන් නෙරපු වෙලේ
පස්ස ඇනී සිටියත් ගැට ගහපු මොලේ
දස්ස කමක් සේ මැරකම් දකින රැලේ
හොස්ස ලගින් යන මැස්සා වෙයන් මලේ
අපේ හිසට අතෙනුත් නෑ සෙවනැල්ල
විපේ බේද ප්‍රේමනීය මැසිවිල්ල
ලිපේ දමා එක්වව් කැරුමට මෙල්ල
කපේකට නොයන හොර තෝනින් කල්ල
කවිය බලන්න
තාත්තා
ඇඳ මත නොඉඳ තව තව නිදි සුවය සොයා
හිරු එන්නටත් පෙර ඇහැරී වැඩට ගියා
දවසෙම වෙහෙස වී දරු පෙම පපුවෙ තියා
රෑ මැදියමේ යළි නිවසට ඒවි පියා
දරුවන් සමඟ එක්වී අහරක් ගන්න
සිනමා සිත්තමක් නළුවක් නරඹන්න
මිටියාවතක උයනක සිරි විඳගන්න
නැත කාලයක් පියෙකුට දරුවන් ඉන්න
නිසි කල වෙලාවට නැත අහරක් ගත්තේ
ලෙඩකට බෙහෙත් ගන්නත් කාලය නැත්තේ
පීඩා විඩා නොතකා වැඩපල මත්තේ
නැසුණේ දරු සෙනේ සඟවාගෙන චිත්තේ
අඬනා විටදි දරුවන් තද කුස ගින්නේ
වැළපෙයි පියාගේ හදවත සෝ ගින්නේ
අහරක් සොයා සැම අතකම දුවමින්නේ
සොරකමකට වුවද නැත පසුබා ඉන්නේ
පිච්චෙන නමුත් අව්වේ ගිනි මද්දහනේ
කුඹුරට නොගොස් පියෙකුට ඉන්නට බැහැනේ
සැතපෙන හීන නැත කිසිවිට සුව යහනේ
දරුවන් සතපවයි හැකිනම් රජ යහනේ
පාසැල් ගියේ නැත නැති බැරි කම් හින්දා
දිවි ගැට ගහ ගන්න අපමණ දුක් වින්දා
නොලැබූ ඉගෙනුමට අද පසුතැවෙමින්දා
වෑයම දරුවො තබනට මුදුනෙම ඉන්දා
දැරුවත් මහ ඇදුරු නිලතල බල පිරුණු
ලැබුණත් යනෙන තැන ගරුසරු බැති පිරුණු
දරුවන් ලැබූ සුළු ජයකදි හද පිරුණු
ඉපිළෙයි පියා ලැබුවා සේ රජ ඔටුණු
මවකගෙ මෙන්ම පියෙකුගෙ සිත තුළ වැඩෙනා
දරු පෙම ජලය මෙනි පැණි කොමඩුවෙ තිබෙනා
ලේ මස් නහර ඇට ඇටමිදුලෙහි රැදෙනා
එය සම නොවෙයි අන් පෙමකට ලොව තිබෙනා
මව් කෙනෙකුගේ සහ පියෙකුගෙ සිතෙහි ඇතී
දරු සෙනෙහසට බුදු සමිඳුත් කරයි තුතී
එනිසා කිසි කෙනෙකු මව්පිය වරම නැතී
සසුනට නොගන්නට නීතිද පණව ලතී
කවිය බලන්න
ආපසු ගියා සකුණිය
ආපසු ගියා සකුණිය
සීතල හිමැති රටට ම
අවසන්ව මියුරු ඉසිඹුව
මා හමු වුණේ නැතිව ම
ඈ මුදිත හද තත
මල් පුබුදුවන මදහස
කරුණා රසය උතුරන
මිහිරි මී වදන් ගඟුල් රැස
වනනා නොයෙක වදනා
සත් සිඳු සරා පැමිණා
හද බිත පුරා කෙටුනා
හැබැහින් ඈ දකින සිහිනා
දැක දැක දවස ගෙවුණා
සිහිනයට තටු ලැබුණා
හසුනක සෙනෙහෙ අමුණා
නල අතේ පණිවිඩ යැවුණා
ඈ මුදු පියපතින් ලියනා
පිළිතුරු පණිවිඩ ද ලැබුණා
ඈ බදා වැළඳ සිඹිනා
සිහිනය උසට නැඟුණා
ඈ වඩින තුරු ගණිනා
ඇඟිලි ද පුපුරු ගැහුණා
අවසන සොඳුරු සවසක
සත් සිඳු සරා පියඹා
ඈ මෙහි පැමිණ තිබුණා
ඉසිඹුව නිමාකර
මා හමු වුනේ නැතිව ම
ඈ යළි දුරක ඇඳුණා
නොකියමි දොසක් නපුරක්
හද රිදී රුහිරු ගැලුව ද
අඟුරු පෑ කාක පියපත්
වැළඳ ගන්නට කැමති කුමන සකුණි ද?
උවන පොත් පිටුතර ඉතිරෙන
සුරත් හදවත් සලකුණු
ඇත්තටම පෙමැති ද?
සඳ සිඹින සිහින දකිනා
පොඩි බිම්මලක හදවත
පාඩමක් ඉගෙන ගන්නේ කවදද ?!
කවිය බලන්න
When I'm dead.. විසල් හදක කවි
මා මියැදි කල
ඔබ තුළ බොහෝ කදුළු වැගිරෙනු ඇත,
එහෙත් එය දැනුමට
නැත මා එහි,
එබැවින් දැන්
මා සමඟ හඬන්න …..
මා මියැදි කල
මල් එවනු ඇත ඔබ,
එහෙත් එය දකින්නට
මා එහි නැත,
එ’මල් දැන් ම
මා වෙත එවනු මැන…
මා මියැදි කල
ඔබ ගුණ ගී වයනු ඇත,
ඇසෙන්නේ නැත
ඒ කිසිත් මට,
දැන් ම ඒ ප්‍රශංසා
කියනු මැන…
මා මියැදි කල
මගේ වැරැදිවලට
සමාව දෙනු ඇත,
එහෙත් එය දැන ගනු රිසින්
මා එහි නොමැත,
මගෙන් වූ වරදක් වෙතොත්
දැන් ම අමතක කරනු මැන …
මා මියැදි කල
අහිමි බව දැනේවි ඔබට මා,
එහෙත් එය දැන ගනු රිසින්
මා එහි නොමැත,
එන්න මා සමඟ
දැන් ම කාලය ගත කරන්න…
මා මියැදි බවට
පණිවුඩය ලද කල
අවසන් ගෞරවය දක්වනු රිසින් පැමිණේවි
දුර සිට ඔබ,
අවුරුදු ගණනකින්
අප කතා නොකළා විය හැක,
දැන් ම මට
කන් දෙන්න,
අමතන්න ………..෴෴෴
කවිය බලන්න
මුල් ලියමන
දිසි සිළ ළබැඳි දිනයක කිමිදුණි නයන
රිසි සුව වැදුණු නදියක කැලතුණි නුවණ
සකි කිම මසිත තුළ ලියමනකී කෙවෙන
බැස සඳ දිගැස සවසක කවියෙන් නිවෙන
මනරම් මසිත තරු රූපෙක කලතවලා
කොතරම් මත් තතුත් තවරා රසමවලා
සිතුවම් මැවුව වත තරුවෙන් නම් කරලා
මසිතෙම මෙතුවක්ම මුල් ලියමන නවලා
කවිය බලන්න
කදිර දෙව් රද
රණ මයුර වාහනේ නැඟගෙන
මැණික් නදියෙනුත් එතෙරව
කිරි වෙහෙරත් පැදකුණු කොට
අෂ්ට පල බෝධියත් වැඳගෙන
මූණු සය කඳ මත දරාගෙන
රුදුරු අවි අත් දොළසකින් ගෙන
දෙපයින් නා රජෙකු මැඬගෙන
කදිර සුරිඳුන්ය මා අබියස
තිගැස්සී ඇහැරුනෙමි නින්දෙන
උපශාන්ත මහල්ලෙකි දෙව් රද
සුදෝසුදු දිගු රැවුල පිරිමැද
ගැඹුරු හඬකින් කීය මෙලෙසින
ගැට පිට ගැට ගැසූ පඬුරින
වටේ පූජා වට්ටි ගොඩ මැද
මොණර රුව ඇති පඬුරු ගනිමින
කපුවන්ගෙ යාතිකා සද්දෙන
සරුව පිත්තල පබළු බබලන
තිරයකින් මගෙ අවට වසමින
අඳෝනා පමණක්ම අසමින
මේ දෙවොල තුළ හිඳිනු කෙලෙසින
යාල වන පෙත සියොත් නද දෙන
මුව ගෝන අලි ඇතුන් ගැවසෙන
මැණික් ගං තෙර නිසල නිවහන
“කැබැලිත්ත”ටම නිදහස්ව යමි මම.
කවිය බලන්න
බැන්ෆ් වන පෙතේදී ......
ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත් සීතයි
බැලු බැලු අතම , නිල්පාටයි කොළ පාටයි
ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ පාටයි
යලි යලි ඇවිත් ඉන්නට හිතෙනව සත්තයි
වැටිලා හිරුඑළිය විල් දිය නිල්පාටයි
සෙවනැලි මවනකොට කදු එක එක පාටයි
ඉර නගිනවා , බහිනවා බැල්මත් පින් පාටයි
රැස් කන පිරිස අතරට එක්වුනේ ඒකයි
ලොව දස අතින් ඇවිදින් රස බලන ඇසින්
කැමරා , ෆොටෝ මානා රැස්කරයි හොදින්
නොනසා පරිසරය ගෙවමින් දවස හෙමින්
මතකය අරන් යමු අපි මේ අසිරි සිරින්
කවිය බලන්න
නිකිණි පෝයදා................
සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ
අපහසු නිසා කරනට බණදම් රිසිසේ
එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ
පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ
ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ
තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ
ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ
වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ
දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි
ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්
නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින්
සම්බුදු සමිඳුවැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර
ඇසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර
කවිය බලන්න
මල සහ වියපත් බඹරා.
බමන විට ගුම් නදින්
හැකුලුවේ නුඹ පෙති සැනෙන්
නැවුම් සුවඳවත් රේණු පෙති වල
මුසු කලේ නැහැ සුලඟට හොරෙන්
කෙසේ හඳුනයිද නුඹ මා
නුඹත් පිපුනේ අද උදෙන් වූ
නත් වියපත් රොන් සොයා යන
මමත් බඹරෙකි මේ කැලේ.
නුඹ සනුහරෙ මේ කැලෑ වල
ජනිත කෙරුවේ බොහො කලේ
නැගූ ගුම් නඳ එදා කල මා
තවම රැව්දෙයි අහස් තලයේ
රේණු නොතලාම නුඹ හට
දෙන්න අවසන් හාදුවක්
වසාගත් සිනිදු පෙති ටික
ආඩම්බරයෙන්ම ඇරපන්
යලි වසන්තයක් නොඑයි මට
මොහොතකට ඒ ගැනත් හිතපන්.
කවිය බලන්න
තාම මම ආදරෙයි
මේ තරම් රිදී රිදී ආපු දුර නුඹ එක්ක
දුන් හීන බොඳ වෙමින් කඳුළක්ව එළි බැස්ස
ලං වෙන්න ආදරෙන් නුඹ ඉස්ස මල් වැස්ස
ගිනියම්ව පපුවේ කැකෑරෙන බව ඇත්ත
මේ තරම් රිදෙද්දිත් අත් හරින්නට බැරිව
හදා ගන්නට හිත රැය පුරා නිදිවැරුව
එදා නුඹ ආදරෙන් රෑ පුරා මට ලියුව
මකා දැමුවත් සැනින් මගෙ පපුවේ මම කෙටුව
එකින් එක මතක් කර නුඹ ලියු පද පේලි
අද නැතත් දැනුනා එදා ලියු පෙම් හෑලි
ඇස් ඉවුරු පලාගෙන නුඹ ලියු කවි පේලි
ලිහිලිහී දෙකොපොලේ ගලා යනවා ගෑවි
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
නැණැති දනන් හට මඳ ගුණයක් කළද
පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ
විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ
එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද
කවිය බලන්න
ඔබ නිවුවා ද සුළඟට නිවුනා ද
හේනෙ පැලේ පැල් රකින්න
අවුළුවලා දුන්නු පහණ
ඔබ නිවුවාදෝ
සුළඟට නිවුනාදෝ
රෑ සීතල ඊතල දෝ වද දෙන්නේ
පියවර හඬට කණ මැදිරින් ඇහැරෙන්නේ
අමාවකේ කළුවර හද පාරන්නේ
හේනට හොරෙන් යන මඟ කවුදෝ දන්නේ
හිමිදිරි පාන්දර බොල් පින්නේ ගලන
සුවඳක් ඔබේ පෙරමඟ ඇතිකර බැඳෙන
හදේ නැඟුණු සුසුමත් එක්කොට රුගෙන
අවුළුවලා දෙන්නම් හවසට පහණ..
ගායනය ; ආචාර්ය නන්දා මාලිනී
සංගීතය ; රෝහණ වීරසිංහ
නිකුත් වීමට නියමිතය
කවිය බලන්න
කනවැන්දුම් ......
තාත්තෙක් උන්නාද
තාම රහසක් මට
ගමේ උන් අවජාතකී කිව්වට
එකම දවසයි ඇඬුවෙ ඇත්තට.
මම දැඩි මුනි වෙච්චි දවසෙම
සුමනය වැටිල මලා ගහකින් පල්ලට
අම්මා මට මූසලී කිව්වට
හේතුව දන්නෙ නෑ මම ඇඬුවෙ වචනෙට.
අවුරුද්ද පහු උනේ නෑ මරනෙට
ආයෙ බඩක් ආවා අම්මට
නංගිත් ආවා ටික දොහකින් එලියට
තාත්තෙක් උන්නෙම නැ අපේ ගෙදරට .
එක බයක් තිබ්බා ඒ කාලේ හිත යට
නංගිත් දැඩි මුනි වෙච්චි දවසක
කවුරු හරි වැටෙයිද ගහකින් පල්ලට
නංගිත් මූසලී වෙයිද අම්මට.
දුක ඒ මුකුත් නෙවෙයි මේ මට
අම්මා කනවැන්දුම් වෙයිද
දෙවෙනි පාරට.
කවිය බලන්න
Philosopher and the Ornament
Everybody had an ornament
I better had one for myself soon
I thought
I struggled
At long last
I found one
I wore it round my neck in a hurry
without a second thought
looked around with much pride
jealousy and sarcasm in others' eyes
I simply ignored.
I knew that the others
were eyeing my ornament
they stopped on track
to have a second look
I saw danger
I had to protect it
a slight distraction on my part
would have been enough
for them to have taken it from me.
life made me run
I was running non stop
Time passed rapidly
over head and under the feet
now the ornament around my neck
Is heavy
It is discoloured
I am tired too
My outlook also has changed
I am becoming more philosophical
The ornament is on my neck
let alone a second look
nobody is turning the head
to have the first look even
any more
I am sure that nobody will take it.
Occasionally passers by
turn their heads
this time
to have a curious look at me
I wonder why
Is it to check my sanity ?
Could you please tell me
04-02-2023
කවිය බලන්න
ජිවිතයේ නව මංසන්ධිය
මව් ගස මෝරමින් ඉහළට ඇදෙන්නේ
මලින් බර අතු අග ඵලෙන් පිරෙනනේ
මලිති බටිති රසයෙන් මත්වී මියුරු ගී ගයන්නේ
බිමට වැටුණු ඇට මව් තුරුල්ලේ වැඩෙන්නේ
ගසින් වැටෙන වියළි කොල පස සරු කරන්නේ .......
අම්මා නුඹයි දරු පැළයට ඉඩදී
ඈත්වී නැමී බලා ඉන්නා ........
උදෑසනට රේඩියෝවේ ඇසෙන බණ සවනත වැටෙද්දී ......
වෙලා ගත් දුක් සංකා බිය දුරුව යද්දී
සොබාදහමට ලොව අවනතැයි පසක් වෙද්දී
කුස තුළ වැඩෙන නව කළලයක් පෙරළි කරද්දී,.......
මන්ද බුද්ධික වැඩිමහල් පුතු කුසට තුරුළු වෙද්දී
මොහොතකින් සුව යහනක් සදා ගනිද්දී
දැස් වසාගත් කඳුළු ගංගාව කඩා හැලෙද්දී
රෙදි කොණින් පිසදා,.....
තුරුළු කර ගතමි පුතු තදින්ම
සති මාස් පහන්ව ගෙවී ගියා,.....
සුරතල් බිළිඳුන් නිවසට කැන්දන් ආවා
තන පුඩුවේ ඵල්ලී කිරි උරනා නංගා,..
දකින හැම විටෙකදීම පුතේ නුඹෙ,.
ඇස් බෝලවී කඳුලින් පිරුනා,..
වාවාගත නෙහැකිව කඳුළු සැලුවාට
ඒ ආදරේ කඳුළු ....
මතකයි ! පුතුනෙ මා නුඹ උකුලේ හොවා සැනසුවා
නංගා සිනා නඟන හඬින්
කුල්මත්ව දිව විත් හාදු දෙමින්
අත්පොළසන් දෙමින්
පාට පාට කූරු පැන්සල්
බිත්ති පුරා ඇඳි රටාවන් .......
පුතේ නුඹ නිදහස් ලොවක රජෙකි දැන්.
16/07/2023
කවිය බලන්න
ලොතරැයි වාසනා
ගිණිගෙන දැවෙන සැඩහිරු කිරණින් නැවී
දහඩිය මුගුරු තුන් කන්සෙන් යයි බෝවී
පණ රැක ගන්න ලොතරැයි පත් ගෙන පේවී
මහ මං සන්දියේ ඔබ වෙත ගෙන ඒවී
විස්සට නොමැත දැන් ඇති වාසනා ගුණේ
වැස්සට උනත් දියවෙයි ජිවිතේ පණේ
අස්සට වෙලා පොලිසියෙ නැති දයා උණේ
කොස්සට හිටියෙ හතළිහ මිළ වෙලා කොණේ
වේලක් බත්ය තව වේලක් රොටී හරී
කාළක් ගන්නෙ නෑ පොල්තෙල් ගණං සරී
පාසැල් යන්නෙ පොඩි උන් පොත් නැතුව දිරී
නාහෙන් අඬන එක දිවියෙහි මිළක් දැරී
විළි වහ ගන්න කඩමළු කීපයක් වෙත
අඹුවට දෙන්න පටපිළි සළු බලල නැත
නිළ ඇඳුමකට දරුවට රෙදි ලැබිල ඇත
මැහුවම දෙන්න මුදලක් මදි සිහින මත
කවිය බලන්න
සොඳුරු ඉසව්ව,
තුරු ලිය සිඹිමින් සුවඳ හමයි
සිහිලස උණුහුම එකට සමයි
වන පෙත දොළ දිය දහර නමයි
මිහිමත තුසිතය ගමම තමයි,
යල මහ බත දෙන සරු කුඹුරූ
අස්වැනි වස්සන බිම වැපිරූ
හිත හිත පුබුදා විල් තඹුරූ
සුව දෙයි ගොම මැටි ගෑ මැදුරූ,
පැල්පත සරසා සිරි මවනා
නන් රස බොජුනට මුහු කරනා
හේවට කුඹුරට පිය මනිනා
ඈ වෙයි ගම්බද සුර අඟනා,
දකින දසුන් හිත මිහිර පොවා
ඵල රඹ කැන්දන ඉසුරු මවා
ජීවන මග හිඳ මිහිර දොවා
සැනසුම ගෙන දෙයි රැයද දිවා,
කවිය බලන්න
Come Home No More
Four letters and a one word
Simply it's "LIFE" as I heard
Made up of a thousand explanations
And it's the start and also an end of a generation...
Sweet, Bittersweet, and also Sad
Permanent happiness! Are you mad ?
Poor or Rich! Does it forever last ?
Yes. It's the LIFE that flows so fast...
Starts with a smile. Ends with sorrow.
Comes with nothing. Nothing carries when you go.
Stops everything. And come home no more.
King of the Jungle, even Lion ceases his ROAR..!
කවිය බලන්න
සහෝදර පෙම
සහෝදර පෙම ~
රනින් පැහැ වුණු සියක් පත් දෙක
එක ම පොකුණක දෙතැන පිපුණා
එකට නොව එය දෙවාරයකට
එක ම ලෙයකින් හද ම පිරුණා
කලක් ගිය තැන වාසනාවට
සහෝදර සිත් තදින් වෙළුණා
පිපුණු තැන් මතකයෙන් ගිලිහී
එක ම පොකුණක සිනහා රැදුණා...
කවුරුදෝ අප වෙතට සපැමිණ
නුඹ මගෙන් ගෙන යන්න ඇසුවා
යන්නෙ කොහොම ද කියා නුඹ මගෙ
උර මතින් මහ ගඟක් තැනුවා
නුඹ තැනූ ඒ මහා ගඟ මැද
මගේ හදවත ගිළී තිබුණා
යන්න ඉඩ දී නුඹ දිහා මා
ලොවට රහසින් බලා දැවුණා
අඩ-දබර නැති නුඹේ දැගලිලි
පුංචි විලටත් පාළු තැනුණා
නැවත නුඹ ඉක්මනින් එන බව
කවුරුදෝ මට කියනු ඇහුණා...!
කවිය බලන්න
ආගන්තුක
කුහුඹු රැල විසිරිලා යන
නියොන් එළි දිලෙන වීදියට
රසඳුනක් නොවූ අඩ සඳක
ගෙවී ගිය සඳ පළුව නුඹ
බඳුන් තුල පෙති විදා පිපුණු මල්
සුවඳ බෙදනා මැදුරු තුල
විල් මත ම රඟන නෙළුම් මල්
සොයා ලතවෙන බමර නුඹ
පාට සමනල් සලු පැළඳ
නුරා දල්වන ලියන'තර
ඔසරි නෙරියක ලලිත බව
කරන සිතුවම් ඇදුරු නුඹ
ඉරි ගසා පිළිතුරු ලියන
බහුවරණ ප්‍රශ්න පත්තරේ
ගැලපෙනා පද පේලි අතර තුර
නොගැලපෙන පදය තවම නුඹ
හතර වෙනි සතියෙ අන්තිමට
වීසිකර සියළු දුක් ගැහට
මුමුණමින් ගීයක් යස රඟට
ගමට යන රජ පැටිය නුඹ
කවිය බලන්න
මහැඳුරු සුනිලුන් සමරමි බැතියෙන්...
කවියෙන් ගීතයෙන් සිනමාවෙන් මෙන්ම
දෙසුමින් රචනයෙන් දුනි සැමටම ගැම්ම
කුළුනින් පිරි හඬින් පහදන නිතැතින්ම
එතුමන් දකිනු රිසිවෙයි මට නම් දැන්ම
සිරිලක මිනී කන්දෙන් වැසු භීෂණයේ
වැනසුණු තරුණ දිවි ටයරයෙ පෝරකයේ
බොහො අය දුවද්දී බියවී මාරකයේ
ඔබ පමණකිය ලිව්වේ ගිනි කූටකයේ
උපතින් ගෙනා කවිකම් මොනවට පෙන්නා
පබැඳුම් කළා ගී සිය දහසත් පන්නා
සිනමාවෙන්ද තම හැකියාවන් දෙන්නා
මහැදුරු සුනිල ප්‍රතිභා ලොව ජය ගන්නා
කවිය බලන්න
අයියෝ ලංකා!
නෙක පැහැ මල් පිපුනේය සඳ පායා දිලුනේය
ලියනට තැත යෙදුනේය කවි සිත නිදි වැදුනේය
සිත මව් රට ගමනේය අයියෝ යැයි සිතුනේය
එක එක දේ ඇසුනේය සතුටක් නොම දැනුනේය
ලොකු වියවුල් තිබුණේය ටිකකට යට ගැසුනේය
නැතිවූ බව හැඟුනේය නැතිකළ බව නොදැེනේය
තෙල නැත ගිණි නැගුනේය තෙල ඇත ගිණි නිවුනේය
බිම අරගල සැදුනේය අරගල බිම දැමුනේය
මහ පුටු හිස් කෙරුනේය පුරවනු දැක වමනේය
හොර රැළ නිති රැකුණේය යළි කරලිය රඟනේය
අත පා පිට ඇදුනේය රට කන ටික ලැබුණේය
අපි ගොඩ යැයි සිතුනේය ඉන් කා බී නිදනේය
පොත පත උඩ ගුවනේය ඉගෙනුම බිම ඇනුනේය
ඔසු සැපයුම මැරුණේය ලෙඩ හැදුනොත් ගොඩනේය
නෙත බැඳි පට ලෙහුනේය නිවරද බැඳ තැබුනේය
මුර දෙවි පඩි ලබනේය වැට ගොයමත් බුදිනේය
දුගියන් වැඩි වන්නේය උන් දරු කුසගින්නේය
මහ උන් එය දන්නේය වගකට නොමගන්නේය
අදිමින් රට යන්නේය තද බොරු කරමින්නේය
වැසියන් ඔහෙ ඉන්නේය අළු යට ගිණි වන්නේය
කවිය බලන්න
අපූරු නිවහන...!
අප එතරම් නොසිත කරන
දේවල් හින්දා...
අපමණ කරදර එනවා හදෙ
දුක කැන්දා...
නොපතනමුත්, විපත් නිතර හැම ලුහුබැන්දා...
සැප යදිමින් ලියනෙමි, ගනු සිත
තුල රන්දා...
සකසුරුවම ඇතත්, පාවහනුත් ගලවලා...
නිරතුරුවම පේන ලෙසින් එලියෙ රඳවලා...
සෙනසුරුවම කැඳවනකල, එයත් නියවලා...
විසකුරුවම ඇති සපුනට නිවෙස් තනවලා...!
මෙහි පෙනෙනා කුඩාවෙකුගෙ සපත්තුව තුල...
නහිනට දිවි හපන් කෙනෙකු සැඟවිලා, බල..!
නොහිතම දරුවා ඇවිදින්
පළඳිනා කල...
සිහි නැතිවන්නට විස විදිනව
තුලින් දල...
හිතුවද මොහොතක් එලෙසින්
විය හැකී කියා ...
පැතුවද නිවසක් දෙන්නට
ගෙන්නලා නයා...
නැතුවද 'මොලයක්' හිස තුල, සිතෙනවා මෙයා...
සතුවද ඇති නම්, මෙය ඇති ;
පතනෙමී දයා ..!
කවිය බලන්න
සිතට විත් එබිකම් කළා
හුස්ම හිර වී
නැවත එන්නට
කල්පයක් කල්
ගත වුණා
මැවූ හැම මහ
හීන කන්දම
දෙපා පාමුල ගිලිහුනා
රළු වදන් ලග
කදුළු ගල් වී
ඔහේ එක තැන
හිරවුනා
හිතේ සැමදා
සිටිය සම්බුදු
බෝධිසත් රුව
ඉරි තලා
නොහදුනන නොපෙනෙනා
යම රජු
සිතට විත්
එබිකම් කළා
කවිය බලන්න
ලෙච්චමි
ලෙච්චමි මොකද අද වත්තේ වැඩ නැත්තේ
කාකි ඇඳුම් ඇයි වැසිකිළි වළ පැත්තේ
බිළිඳිය කෙලෙස සිය පණ නළ නහ ගත්තේ
තනි උඹ මොටද වින්නඹු කමකට බැස්සේ
අයියෝ සාමි කිය කිය වයසක ගෑනු
වියලුණු දෙතනෙ පුරවන් කිරි කෑ ගාතී
ඔහෙ බිම බලා ගෙන නියගින් මැටි හෑරූ
ලෙච්චමි කියාපන් නොහඩන්නට හේතූ
පසු දින උදෙත් ඒ මණියම හඬ ගෑවා
කූඩෙක අඩුව වැහුමට කූඩත් ආවා
හවසට මණියෙ හඬ තේ කූඩත් බෑවා
වැඩ නිම වෙන්න පෙර කංකානිත් නෑවා
අප්පෙක් නැතුව දරුවෙක් හදනට පේවී
බැරි වී කූවුවක සිර ගත විණි "පාවී"
කොහේ හෝ සැඟව ඈ කිරි බර මුදවාවී
පත්තර අකුරු උඹ කුරුසෙට දක්කාවී
මැදියම් රැයේ සාඩින් පැක් වී නිදන
වාට්ටුවකි රෑ දරු නැළවිළි ඇසෙන
බිළිඳිය හිනා වෙනවලු කිරි බොන අතර
දල්ලක් වන්න බෑ කිව්වලු මඟ නිදන
කවිය බලන්න
පෙර පින
වැරහිලි අඳියි අම්මා ඇගෙ කුස හිස්ය
පොල් අතු පැලේ හිඳිමින් ඇය නිදිබරය
අප වෙනුවෙන්ම මුළු දිවියම කැප කෙරිය
සිනහව ඇගේ මුවගෙහි තිබු දුක්බරය
මගෙ මුළු ලෝකයම ඔබගේ ආදරය
කලඹයි නිරතුරුව හදවත ශෝබරය
අඳුර අසූනවයේ සැප්තැම්බර් මසය
දෙස්පාලුවෝ මගෙ අම්මා බිලිගතිය
තන්හා මිනිසුනේ ඔබ කොයිබද යන්නේ
අවිහිංසකයින්ව පාගා දමමින්නේ
පෙර පින් නිසා ඔබ මේ ලොව දිදුළන්නේ
සෙල්ලම් ඔබේ මෙලොවින් අවසන් වන්නේ
කවිය බලන්න
ස්වර්ණපාලී කුලේ අභිමන!
ස්වර්ණ මිරිවැඩි පතා නොලදින් නග්න පතුලින් දුකම පාගමි
ස්වර්ණ අභරණ සින්න වූ මුත් තිලකෙ නළලත මකා නාවෙමි
දිව්‍ය සළුපිලි උනත් වැරහැලි දේවතා එළි ලොවට පෑවෙමි
රන් තෙළිඹු මගෙ විමානෙන් බැස හිස් අතින් මහමගට ගාටමි
"නඳුන් උයනින් ගෙනෙමි පරසතු" විමන් වැදි ඔහු බිනූ රැවටිලි
"සෝවිරක" බිව් අසුරයෙකු බැව් හැඳින ගත් පසු වුනෙමි උකටලි
ඕපපාතික නොවූ පෝතක කැලගෙ නාමෙන් කළෙමි ඇවිටිලි
චුතව තිබුනා රහසෙ හිමිසද නෙලා කුසුමක් චිත්ත පාටලි
දූ කෙළියෙ වැද විමන උකසට තැබු සුරාසොඬු යළිදු නොපතමි
අවතැන්ය පින සත් දනන් අත් නොදෙත්
තනි අඟනො දැක සාධු හැව හැඳ ඇදෙන බුජඟුන් පමණි හඳුනමි
මගෙ නමින් සෑ නගන බෝසත් නිරින්දෝ අද නොමැත අදහමි
වල් ඇහැටු රුක් සෙවනෙ ටකරන් කුලී විමනෙහි පැටව් සුරකිමි
කල් මරන රැයෙ බිළල් කැණහිළි සුනඛ කෙඳිරිලි හඬට නොසැලෙමි
දෑත් වීරිය මිස පතිනි සළු කඩේ ණය පොතෙ හිලව් නොකරමි
ස්වර්ණපාලී කුලේ අභිමන රකිමි දොරගුළු යළිදු නොඅරිමි
කවිය බලන්න
යන්නට පෙර.....
අන් සතු දෙයට ඉරිසියා නොකරන් ට
තම සතු දෙයින් සැනසීමට පත් වෙන්ට
තියනා දෙයින් දන් පින් කර ගෙන යන්ට
මෙය හොඳ වෙලාවක් පාඩමකට ගන්ට
මිනිසත් බව ලබා ගෙන මහ පොළොව පිට
කළ පින් හැටියටයි අපි ඉපදුනේ රට
දුප්පත් වුනේ දුන් දේ ඇත මදි වෙන්ට
පොහොසත් වෙලා ඉන්නේ දී ඇති වෙන්ට
රුව ඇති නැතිව මෙිි ලොව අය ඉපදෙන්නේ
කළ පින් පවෙන් මිස නැත එය ඇති වන්නේ
රළු ගති සියුම් ගති නිතරම හිමි වන්නේ
එන විට ගෙනා පෙර පුරුදුයි පෙන් වන්නේ
සවනට මිහිරි දේ නිතරම පවසන්නේ
ලස්සන හැඩ රුවට සැම දේ හිමි වන්නේ
කර ඇති පින් අනුව මිස නැත ලැබ ගන්නේ
ඉන්නා ටික දවස සුන්දර වී යන්නේ
ඉන්නා විටදි දන් දී පින් කර ගන්න
කරගෙන ගිය දෙයක් මිස නැත ලැබ ගන්න
බැරි වූ නිසා කිසිවක් කර ගෙන යන්න
මළගිය විටදි කාටත් බැහැ පින් දෙන්න
කවිය බලන්න
පාපෝච්චාරණය
Charles Bukowski
බළලෙකු ඇඳට පනින ලෙස
මරණය මා වෙත එන තෙක්
බලා සිටිමි මම
ඉතා කණගාටුයි
මට මගේ බිරිඳ ගැන
ඈ දකීවි
මේ දරදඬු, සුදුමැලි සිරුර
වරක් දෙවරක් එය සොලවනු ඇත ඇය
“හෑන්ක්!”
යැයි ඈ කෑගැසුවත්
හෑන්ක් පිළිතුරු නොදෙනු ඇත
මා වඩාත්ම තැවෙන්නේ
මගේ මරණය ගැන නොව
මා මළ පසු
ශූන්‍ය බව පිරුණු පොදියක්
සමඟ ඉතිරිවන
මා බිරිඳ ගැන ය
එහෙත්
මා කැමතියි ඈ ට කියන්නට
ඈ අසල සැතපුණු
හැම රැයක් ම
අප අතර ඇතිවූ
හැම නිෂ්පල
බහින් බස් වීමක් ම
ඉතා කදිම බව
එමෙන්ම
මා මෙතෙක් කීමට බිය වූ
අමාරුම වදන්
දැන් කිව හැක
‘ඔබට ආදරෙයි මම’
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Henry Charles Bukowski ජර්මනියේ උපත ලැබුවත් ඔහු පසුකාලීනව ඇමෙරිකාවේ ජීවත් වූයේ ය. ඔහු වෘත්තීමය වශයෙන් නිර්මාණකරණයේ යෙදුනේ වයස තිස්පහත් පසුවූ පසු යි. Bukowski විසින් ගද්‍ය, පද්‍ය කෘති සහ නවකතා හතළිහක් පමණ ලියා තිබේ.
Photo Luigi Boccardo on Unsplash
කවිය බලන්න
අප්පච්චි .....
දරා දියළුම සේම දිය වැල
නොකියාම රහසේ වින්ද...
පින් කඳ නුඹයි සසරේ
දිය බිඳිති ඇහින්ද....
රහසෙම ලංවී ඇවිදීන්
නලල් තල සුව සෙව්ව...
අප්පච්චියෙක්ට වරම් නෑ
දෝණියෙක් ලඟ ඉන්න ...
උර හිසේ හිදුවා
නොදුටු ලෝකය පෙන්වා...
අත දිගු කලේ මාවත
යා යුතු මානය සදලා
රිදෙන තැනදි කඳුළත් ගෙන
සිනා දෙතොලේ පූදවා.....
අප්පච්චිලා හිනහුනා
කඳුළත් දෑසෙම සගවා....
ගොක්කොල රාමුවේ තනවා
පෝරුව නැකත් තුලාවේ..
දන් දෙන්නට බියෙන් වෙව්ලා
දෑසේ රැඳි කතාවේ...
වෙස්සන්තර වී අත හරිනා
හුස්ම පොදකි ජීවිතේ....
අප්පච්චි ලා බූදු උනා
දැක දෝනිගෙ කර මාලේ...
කවිය බලන්න
චන්ද්‍ර ගංගාවී ඇය
සිහින උදාවී සදේ චායා ගෙනේ
සීත නීල හිමසීතේ පිපෙනා හැටි
රූප රෑ සිහිනේ උන්මාද වී
නෑර නුඹ සීතේ චන්ද්‍රාවනී
සිහිළ ගංගාව ගලනා හැටී
නුඹ සද වගේ චායාවි නී
දිළෙනා කෝල මගේ සිතම ගංගාව වී
නුඹ ගංගාවම වී
දිය නින්නාද වී
දෑල සිත් දැහැණ ශෘංගාරවී
ප්‍රේම බල නහර රස ගන්වනී
තෝඩු ලෙලෙනා ස්වරයෙන් මිදී
කොහොම නෙත් බැල්ම නවතන්නෙමී
උතුර ගලනා සද දිය දිගේ
රෝස කමළාවේ දිය වෑහුනේ
ආල මනකැල්ම දිගු හසරැලී
සුනිල බැල්මෙන්ම මනබැන්දුවේ
දහස සිසාර ඔබ රුව මැවී
දෑස අස්සේම ඔබ හැංගුණී
ප්‍රේම සංසාර කිදුරාංගනී
සදට ලොබ බදිමී දහසක් එළී...
කවිය බලන්න
පැංචියේ....
විටෙක හිනැහෙන විටෙක ඔරවන නුඹ මගේ මැයි හිතෙනවා මට
පැංචියේ නුඹ මගේ නූනත් නුඹ මගේමැයි හිතෙනවා මට
පැංචියේ මම නුඹේ නූනත් මම නුඹේමැයි හිතෙනවා මට
දුකක් නෑ සතුටක්ම පමනයි මගේ උන් පියඹලා එපිටට
කවිය බලන්න
අරණක සිරි
සොභා දහමෙ සිරි අසිරිය
පිනකිය අප ලද
ඇදී පවන් රැල් නැඟ එයි
තුරුගොමු වල වැද
කඩා හැලෙන දියඇළි වල
පෙණකැටි කිරි සුද
විඩා නිවා දැක ගත හැක
අරණක සුව විඳ
පිපී සුවඳ ගෙන කුසුමන්
නෙක නෙක පැහැයෙන
ගෙනේ සිරිය වන රැජිණිය
හැඩකර සරසන
ඇදී බිඟුන් සහ බඹරුන්
නිතරම යනඑන
විඳී ඔවුන් රොන් අරගෙන
නිදහස දින දින
සැදී දෙපස සිට තුරුළිය
දියඇළි බල බල
විඳියි සිසිල් සුව ලැබ එහි
සරිකරමින් ඵල
ඇදී සියොත් කැළ විත් එය
බුඳිමින් යන කල
ගනියි ඔවුන් පුරවා තම
සතුටින් මනදොළ
ඈත දුරින් කදු මත ඇදි
මිහිඳුම් සළුවයි
සීත බවින් සැම විටකම
ගතසිත පිනවයි
සාවො මුවන් නිතරම මෙහි
යන එනතැන මයි
මේ මනහර සිරි සොබනිගෙ
වන රජ දහනයි
බදා තුරුමුදුන් වල සිටි
. ලතාවන්ගෙ වැඩ
සදා මඩුලු ගොස් ඉහලට
ඉහලූ ලෙස කුඩ
කුරුළු කොබෙයියන් ඉගිලී
ගෙනැවිත් තුඩ තුඩ
පුළුන් රෙදේ රොද අතුරා
යහන තනයි හැඩ
කවිය බලන්න
තුත්තිරි
තුරුණු මලට කිරි වැදුන ම
රෙද්ද පුරා ඇලී
අපිත් එක්ක යන එන කොට
තණ යහනක ලගී
ඒ යහනේ නිදි සුව විඳ
අහස බලන් වැඩී
සුවඳ නො මැති හැඩ විකසිත
පොඩි මල තුත්තිරී
හිරු කුමරුට ආල බඳී
සුවඳ නෙලුම් මල
අත්තක නැග සුවඳ විදී
රුක් අත්තන මල
රෑ පානේ සුදු පොරවා
එන කඩුපුල් මල
මේ හැම මල් විඳින සුවය
නැති තුත්තිරි මල
කවිය බලන්න
පියාණෙනි ඔබ....
සුදු වතින් සැරසුන, සුරත පපුවට තදකර,
පිටුපසින් සිටගෙන, තෙදින් බබලන,
උතුම සිහිවන සැමවිට නෙතින් කඳුලක් නොසැලෙන,
දිනක් නැත මට සුවාමිනි! ගරු.
හෑත්තෑව දශකයෙ,
අනඳ විදුහලෙ පසිඳු,
කෙලිලොලින් ගතකල, තුරුණු වියසිටි,
සමයෙ ගුරු පදවියට එලෙබෙන,
දඩබ්බර චරිතය, සුමටු කර ගත් පියාණෙනි ඔබ
දඟකාර ගැටයින්, නැණ ඇති දක්ෂ සිසුවන්,පරාජිත දරුවන්
හසුර ගන්නට ඔබගෙ උවදන්
නිසා නොවැ මං,
පැස සුමන් ආදර, ලැබූ ගුරු කත,
වෙන්ට වරමක් ලැබුනෙ මාහට.
මිහිකතට පඬුරක් ,දැයට ආඩම්බරයක්,
ගෙනෙන සිසු කැල අනඳ මවගේ,
භේද නොමැතිව
කරන මෙහෙයන්
ඔබට තුති පුද දෙමින් තුටියෙන්,
වැජඹෙන අරුම දකිනට
කොහේ සිටියත්, ඔබෙ චරිත සුන්දර,
බබලවනු ඇත පරිසරය තුල,
පතාගෙන ඇති, දිසාවට ඔබ යන්න උතුමෙනි, වැට කඩොලු පැන,
මෙන්න නමඳිමි දෙඅත ඔසවා
යන්න ඇදුරනි, අසිරි රැල මැද
කවිය බලන්න
ඉමිහිරි මතක..!
නුවන් අද්දර කඳුළු පිණිකැට
රැයපුරා රහසේ වැටෙන්න...
සිත රිදුම් දෙන හැඟුම් සීමා
මායිමෙන් එපිටට ඇදෙන්න....
හෙටත් හීනෙක රැඳී ඇවිදින්
තවත් දුර ඇවිදින්න එන්න...
මගෙන් වරදක් වුනේ නැතිනම්
සමාවක් ඇයි ඇවිත් යන්න..!
හද රිදුම් දී වේදනාවෙන් මග
බලන දිනෙක...
මද පවන් වැද ලපළු නැලවෙන
සොඳුරු වන පෙතක...
සිත් තැවුල් ලසොවින් පිරුනු හද
වැලපෙනා රැයක...
සිර කරමි අහිතක් නැතිව පිදු
මිහිර ලෙන් දොරක...!
එදා දෙනුවන කඳුළු හංගා
ඉකිබිඳුම් නොයෙක..
සදා රිදුමක් නොවන්නට යලි යා යුතුයි මගක..
හොරෙන් ඇවිදින් අතරමංවුන
සොඳුරු රූ පෙලක..
අදත් ඇවිදින් පිරිමදී සිත
සුපෙම්වත් මතක...!
2023 07.27.
කවිය බලන්න
පවුම
ලන්ඩන් නුවරදී තිස් වසරකට පෙර
පවුමක් සෑහුනා කල කී බොහෝ දේට
රන් පැහැ රවුම් කාසිය ස්ටර්ලිං පවුම
රුපියල් වලින් එකසිය ගණනකි එකල
සරසවියට පිහිටි ලන්ඩන් නුවර මැද
උමං දුම්රියෙන් පවුමකි ගමනකට
ශිෂ්‍ය කැන්ටිමේ අප ඉඳ හිට දුටුව
පවුමකි බත් පතක් මස් හොද්දක් සමග
බ්ලූම්ස්බරියෙ සිනමා දර්ශනයකට
ටිකට් පතක මිල පවුමකි සිසු අපට
ඇදුරන් සිසුන් හවසට ගැවසෙන නිතර
පබ් එකේ දුන්නා පවුමට බඳුනක් බීර
මේ ගැන දොඩන විට පුරසාරම් දිනෙක
යූ ආර් සෝ ඕල්ඩ් කීවා තරුණ කැල
පවුමේ අගය අඩුවී ඇති ලෙස මෙකල
අප ගැන කතා කළ හැක්කේ කෙලෙසටද?
කවිය බලන්න
උපහාරය
අතකසයේ මුල් අතරින් බීජය මතුවෙලා
අතකසයෙන් ලනුකසයට සරසවි පිවිසිලා
කිවිඳු අනුර හෑගොඩ ගේ අරමුණු පලනෙලා
ලනුකසයක් යුරෝපයට මෙලෙස ජනිත වෙලා
දස්කම් ඇති කවි කිවිඳියො යුරෝපයට වෙලා
සරසවි දේවිගෙ උකුලේ සිටියෙලු ගුලි වෙලා
හෑගොඩ කිවිඳුන් ඇවිදින් ඔවුන් අවදි කළා
ලන්ඩන්කවි පොත සරසයි ඒ කවිකම ගලා
යුරෝපයේ ජිවත්වන අපෙ අය ගත්තම
කවි කිවිඳියො නැත අඩුවක් පෙන්වූ සිත්තම
මේ පොත බැලුවම හැඟේය කිවයුතු ඇත්තම
පූජනීය වෙයි හෑගොඩ අනුරගෙ දස්කම
කවිය බලන්න
අනන්තයි අප්‍රමාණයි...........
ඉපදෙයි කල් ගෙවයි රෝ දුක් දරාගෙන
දිවයයි මිරිඟුවක් පසු පස හඹාගෙන
නවතියි දිනක නොසිතුව ලෙස පතාගෙන
අරඹයි ගමන යළි පව් පින් බෙදාගෙන
මව් පිය ලෙසට හිමි වූවද මෙම දිවියේ
කවුරුද ඔවුන් දනිමුද පෙර සිටි බවයේ
ගෙවුමට ඉතුරු අය ණය බර දිවි සරියේ
ගව්වෙන් ගව්ව තැන තැන නැවතී සිටියේ
හිමාලයේ හැම රුක් දඬු සිඳ කපලා
නිමා කලත් ඉඳි කටු සම තුඩු තනලා
බලා ගණන කීමට නොහැකිය හදලා
මෙමා නුඹේ කවුරුන් වුනිදැයි කියලා
නිය පිට රැඳුණු පස් බිඳකට සමව තියා
බිය කරු සසරෙ මිනිසත් බව අමිල නියා
කියවනු ගැටෙන හැම මුහුණක තිබෙන ලියා
ලියවිලි කියයි නොදොඩන තතු මුවක් අයා
කවිය බලන්න
සිතුවිලි
වෙරළක් දකින හැම විට
ලුණු රසක් ඒ සමග මුසුකොට
උණුසුම් හාදුවක් හනිකට
දැනි දැනී යයි දෙතොලට
ලොමු ඩැහැ ගැනෙයි එකවිට
ඇත්තටම ඒ නෙවෙයි සීතලට
නැගෙන බිඳෙන රැළි විලසට
සිතිවිලි නැඟෙයි බිඳෙයි හිත යට
මද සුළඟ නැළවි නැළවී එන
කියන්නේ ඇයි රහස් සවනට
ඈතට ඈතට තවත් ඈතට
හැංඟිලා වැලලුණු අතීතෙක!
2023 ජූලි 23 දී
ඇමරිකා එක්සත් ජනපදයේ
දකුණු කැරොලිනා ප්‍රාන්තයේ
චාල්ස්ටන් නුවරදීය.
කවිය බලන්න
හීල්ලුමද පේමේ....
කාලයක් තිස්සෙ උඩ බලන් හැම රෑම
ආලයක් පීදෙව්ව පුදා හැම දේම
තාලයක් දිවිය වෙත පැතුව මුත් තාම
ලීලෙ පා නෑනෙ ඈ ඉවසමිද කෝම ..
බෝ දාට නොපිරි සෙනෙහෙකි සඳේ හදේ
පෝ දාට පමණි දී ඇත්තෙ මුදු පදේ
කෝ නෑනෙ අමාවක දාට! සිත බිඳේ
සෝ ගීත කියමි රෑසියො එක්ක ළඳේ..
මාලිගා තනනු බැරි ලොවෙත් නැති මුල්ලක
චාරිකාවකනෙ හද,හීන වැළපිල්ලක..!
පූදිනා කඩුපුලක් තියාගෙන අල්ලක
හීල්ලුම පේමයද වෙළී ළතැවිල්ලක..?
කවිය බලන්න
සමනල සදෙස-3
දතයුතු කරුණු ගොමුව - 1
කෑගලු පුරාවත
39. ගලින් - ගලට පැනැ යන රජු වළගම්බා
මලින් හිසට බැඳ වැද බුදු හිස සිම්බා
රුපුන් ඇසට දැකුමට විස කම පිම්බා
රජුන් ගතට දිරිගෙන පය බිම තිබ්බා
40. නුඹ යන ගල් තලා මැද ඇති ගල් තැල්ල
බත් කෑ ගලයි රජ සහ පිරිවර ගොල්ල
රජු ද එ පුර විඳ ගති ගරු සැලකිල්ල
එහෙමයි සැදුනෙ නම ගමටත් කෑගල්ල
41. කෑ ගල් පොත්ත දැකුමෙන් ඉන් ඉදිරියට
බෑ නොකියා තවත් පෙත් ඇති කඳු රටට
රෑ මග තනි ව යනු - එනු බැරි ඒ තැනට
සෑ හීමකට පත් වෙනු ගොස් ඉක්මනට
42. කෑ ගල් ලෙන් අතැර මා වන ඇල්ල කරා
තැන වෙයි කඳක් දුන් ඔහු රයිගමට සොරා
විකුණා ගිය ද දිනුවැයි ඔහු සිතෙහි දරා
දන්නෙ ද මෙ ගමෙ නම කද හැර බැලූ ගුරා
43. පෑදී නැගුණු හඩ සතුරන් පෙති ගසව
ඈදී නුහුණු විට උහු දැකුමෙන් විසව
දෑදී පෙනුණු සද වන දිවියට රසව
සෑදී අබා වළගම්බා හැර බිසව
44. පිරිවර රැගෙන බුදු දසුන ද ගෙන අවැසී
පිරිවර නැගෙන තැන-තැන වෙසැති ව රහසී
අතහැර තිබුණ දඹරන් ගිරි ලෙන නිවැසී
හිරිහැර නොවිඳ මග බැස වා ගිරි පිවිසී
45. දැඩි ලෙස රැකවරණ පිට ලැබ සැලකිල්ල
වැඩි ලෙන්ගතුකම ද දැන බහිරව බිල්ල
සැඩි ලෙස රුපුන් පැමිණිය හොත් කර මෙල්ල
කොඩි ලෙල බඳින්නට ජය ගෙන සිතිවිල්ල
46. එතැනින් නික්ම “දනගිරිලෙන” වෙත යන්නේ
සතුරන් සිටින බව දැන ළඟ සිත යන්නේ
ගිරකින් දනගිරිය පැන “ඇකිරිය” යන්නේ
එ ගලින් ලෙනට ජය කඩු ගෙන ජය ගන්නේ
47. මේ දුක් ගැහැට විද අතහැර කරඬු ලෙන
සෙංකඩ-කොළොම්-මහවේ මග අසල වුණ
තුන් කෝරළය බැ “මහසල්” ගලට යන
තැන තිබුණේ තවත් ගල් තලයකට පැන
48. රද පිරිවර ද දැඩි වෙහෙසින් තැවුණු ගතේ
රැය නිදි වරා රැකි කරඬුව වැසුණු සිතේ
විය නිරතුරු පහන් නොදැනි ම බැදුණු මතේ
මැද ගල් ලිප බිඳෙයි ගිනි දලු ඉදුණු මතේ
49. අලුයම උදයෙ බත් කා ගමනේ ගත්තේ
වග නම් කියනු බුලතට ගිරයයි නැත්තේ
ඇතිනම් එ තැන “අප බත් කෑ ගල” මත්තේ
වෙන නම් තැනක් නැත අන් එ තැනයි ඇත්තේ
50. එ රද එ පුර පිටිසෙහි ඇති තන නිල්ල
මෙ රද එ පුර විඳ ගති ගරු ගරු සැලකිල්ල
“බත් කෑ ගල” පසු ව නම් ගති “කෑගල්ල”
අදටත් දැකිය හැක එහි ඇති ගල් තැල්ල!
(මතු සම්බන්ධයි.)
2023.08.01
කවිය බලන්න
මාතෘකාවක් ?
වතුසුද්ද වත්සුනු
මතුවෙද්ද දියබත් වුනු
බඹරෙක්ද මත් වුනු
කුලුනක්ද දික් වුනු
පුලුටක්ද කෙහෙරැල්ලෙ පැටලුනු
මෙහෙ වැල්ලෙ වැළලුනු
උණ්ඩයක් රත් වුනු
නියඟලා මල් වුනු
හදවත්ද තෙත් වුනු
කවිය බලන්න
සැබෑ පන්සල
හාත්පස සෙවණ දෙන
බෝ රුකේ ලදලු පත්
සිව් මහා සුළඟින් නොවිසිරෙයි
යන්තමට සැලී නොසැලී
සැණින් නිසොල්මන් වෙයි
මනාව ඇමදූ මලුවෙහි
වියළි කොළ රොඩු නොරැඳෙයි
යනෙන්නන් පා සටහන්
වැලි මත ඇඳී නොඇඳී
මොහොතින් මැකී යයි
ඇතුල් ගැබ බුදු ගෙයි
සමිඳු සමවත් සුවෙන් පසුවෙයි
වීතරාගී මුවින් වෑහෙන
මෙත් කරුණා සිහිලෙන්
කුටිය පිරී ඉතිරෙයි
ශාන්ත සඳුන් සුවඳ පැතිරෙයි
මලසුනෙහි මල්, පිපි පිපී පර වෙයි
පහන් වැටෙහි එළියෙන්
හාත්පස ඒකාලෝක වෙයි
යතරුත් මනාකොට දිස්වෙයි...
කවිය බලන්න
අසම්මත පෙම් කවිය
මියෙන තුරු මම ලියන
අසම්මත පෙම් කවිය
සම්මතයෙන් පිට ගයන
හැගුම් තත් පිරි මදින
මල් වියන් නැති නමුත්
සිහින මල් පිපෙන
සසර පුරා මං විදින
රසම රස පෙම් තනුව
කවිය බලන්න
දොහොත් වැඳ තුති පුදමු
කලාකරුවාණෙනි..!
*
වේදිකා නාටකය
නැරඹුවේ අපි එකල
එය අපේ සිත් සතුටු
කරන්නට සමත් විය..
*
මනමේ සහ සිංහ බාහු
අප නැරඹූ මහා රැඟුම්
කෙලෙසක අමතක කරම් ද ?
*
නිශ්ශංක දිද්දෙණිය
වේදිකා රංගනය
තේජවත් පා ගමන
සමඟ කළ ගායනය
දෝංකාරය දිදී
රඟහල ම සිසාරා
රැව් දුන්න විලාශය..
*
දසක ගණනකට පසු
මොන තරම් මනරම්ද
එතුමන්ගෙ රිදී හඬ
අසන්නට ලැබීමත්
එවන් වූ තේජසින්
මහා උද්ධාමෙකින් ..
**
කවි සිතින් ඇලුම් කළ
නොමැකි තිබු රැඟුම් කරු
සජීවි ව දකින්නට
එම ගැයුම් අසන්නට
වාසනා වන්ත වූ
ඔබ සැමට සුබ පතමු ..
*
නිශ්ශංක දිද්දෙණිය
කලාකරුවාණෙනි
සුබ සිතින් සොඳ සිතින්
දිඝායුෂ සුව පහස
පතමු අපි එක සිතින්
තවත් බෝ කාලයක්
කලා ලොව බැබලෙන්න ..!
*
සැඳෑ සුව ජීවිතේ
සැනසුමෙන් විඳ ගන්න
*
අමිල රංගන සොබා
සමඟ කළ ගායනා
මහ හෙළයෙ වේදිකා
සොළවමින් කළ රැඟුම්
සදා අප මතකයේ
සනිටුවන් වී තිබේ ..
*
අප තුතිය පිළිගන්න
මහතුණී නිශ්ශංක..
දොහොත් වැඳ තුති පුදමු
කලාකරුවාණෙනි..!
කවිය බලන්න
කිරි කඳුළ
රිදවන්න එපා අම්මේ ගසට ඔය අතින්
නොපෙනේද අඬන ඇය කඳුලැලි සලන්
නුඹේ කඳුළු කිරි කඳුළු හා එකතු කර ඉතින්
යන්නේ මට කිරි ගන්නදෝ කඩෙන්?
බොන්න බැහැ ඔය ගෙනෙන කිරි තවත් මට ඉතින්
කාසි නුඹ සෙව්වේ ඇය රිදවමින්
හිරු නගින්නට පෙරම නුඹලා හඬවලා ඉතින්
මම කොහොම කිරි බොන්නේ සතුටකින්
ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා
කවිය බලන්න
අපි තවමත් බිම්මල්....
සමන් පිච්ච ඉද්ද රෝස වගෙ නැත රුව
අගතැන් කළුත් වෙච්ච
සමේ පැහැය වැසුව පලුදු පිරිතැන් ඇතත්
දෙනෙතෙ ඇල් මැරිච්ච ගතිය
අඳුර මුසුතැන් ගිනිත් නිවුන අලුත් අහිමි
ගෙයක් හිමිය මුළුතැන් මලුත් එක්ක
නිවන් දැක්කෙ පිටට ඇලුණු බඩපොතු
දුරස් කෙරුව කර්මෙ ඇදුනෙ රියසක සරි
ලෙංගතු පිරිත් ඉහල පලක් වෙත්ද අඳෙට ගත්ත
කෙත්වතු බණත් ඇහුව බුදුන් පුදට පියමැන
නැත බිම්හතු සිලක් නිවුන තෙලුත්
කවිය බලන්න
My Nature World
The tree at the edge of the garden,
always taking me to a new world of wonderful nature…
the flowers peek out of the leaves,
the gentle breeze throws flowers together,
and the sound
of little birds chirping,
make my soul happy…....
Both my heart and soul,
which have been struggling all day,
paused …
This is true comfort…
It is my privilege to stop here for a moment in my fast-paced life…
I don’t like to leave this beautiful world of nature…
Feeling this wonderful tranquility ,
I began to read the story of Laura and her family who lived in the little house on the plains…
It has taken me to a glorious nature world…
.....but while reading I realised .......
Nature never leaves us alone.
She never considers class gaps or colour differences…
If you seek tranquility from her,
she will generously extend her arms to you when you are tired and when you want her…
කවිය බලන්න
තරහ තියන් ඉන්න එපා.. අතහරින්න
වළාවෙන් මිදුනා ම නේ හදක් ලස්සන
මුලාවෙන් මිදුනාම නේ හිතක් ලස්සන
මුදා බර සුසුමකින් කරන් මුව ලස්සන
පිබිදෙන්න ඉඩ දෙන්න හැඩ ම මල් ලස්සන
ඉඩ දෙන්න ගෙනයන්න සුළගකට ගසාගෙන
අමනාප කලුවලා ගොරවමින් කැකෑරෙන
සිනහවක සැහැල්ලුව හිත පුරා දරාගෙන
සොදුරුතම මතක මත විතරක් ම නවතින්න
හිත දන්න හරි ඇත්ත වචනයෙන් වසාගෙන
සීතාම්බර සලුව උඩගුකම බව නොදැන
කල් නොමර දුර නොගොස් නිවීසැනහී ගන්න
මිට මුදා හැර බලනු බලෙන් රදවා නොගෙන
සද බැබලුන නමුත් එළිය අරගෙන ඉරෙන්
අමාවක දා එන්නෙ ඉරට ගතු කියවමින්
ඉර දරා හිටියා ට හැමදාම ආදරෙන්
තරු ත් බිම වැටෙනවා ගිනි අරන් අහසෙන්
කවිය බලන්න
දහමෙහි හැසිරෙන්න
සසරේ ගමන යන දවසක කරන නිමා
සඳහම් දියර බොන්නට තව කිමද පමා
සිත සනසවා සිත පහදා සවන් යොමා
බණ දම් අසනු එහි හැසිරෙනු සුවඳ හමා...
අරුතක් නොදැන බණ හඬටම සවන යොමා
තිරිසන් සතුන් ලැබ ගෙන ඇත සුවය අමා
පින්වත් සැවොම කෙරුමට මේ සසර නිමා
දහමෙහි හැසිරෙන්න සැනසුම එතන තමා ....
පන්සල බෝ මළුව තෙරුවණ රැඳෙන බිමයි
සන්තානයේ සැනසුම් සිල් සුවඳ හමයි
වැඩිහිටි තරුණ සහ සුන්දර සිඟිති ළමයි
තුන් සිත පහදවා ගත යුතු කාලෙ මෙයයි ......
කවිය බලන්න
ඇගෙ තුන්දරු,....
නිමිත්ත; මෑතකදී කාගේ හෝ නොසැලකිල්ල නිසා තුන්දරු වැදුමකට ගිය මව අවසන් ගමන් යෑම.
නිවමින් සරතැස පැමිණිය කලලය කුස, රන් රන්, සේමා
සිඹිමින් පිලිගෙන, විඳගත් විලසට තුට දන්වන්, කෝමා
රැඳෙමින් අසලින් අපහසු දින වල සිඹ පෑ පෑ, පේමා
පැතුමින් ඉපිලෙන හද ගැබ නංවන හඬ, දැන් දැන්, බෝමා
නෙලමින් ඉඳුවර, විල් තෙර තණ බිස හිඳ මල් දම් බන්ඳා
සිසිලෙන් මදනල සවනට රහසක් කියු රුං රුං සෘන්දා
අවරින් යන හිරු විසිකර සිත්තර නෙක, පාටින් අන්දා
වැඩෙමින් දින දින, දඟ කර රිදවන, වධ, තුන් සිත් වින්ඳා
සිසිලෙන් පොහොදා, ශිකරය මත්තෙන් සඳ නැං වී ආවා
ගනිමින් දින සති, නව මස් පැමිණිය, සිත චංචල් පෑවා
නගිමින් බහිමින් කොඳු ඇට බිඳිමින් ගත ඔද්දල් බෝවා
දකිමින් කිරි මුව, වෙද හෙද ගෙදරට පය ඉක්මන් වූවා
දරමින් නෙක වධ, පැවසුව පසුවත් නැත ආවේ නෝනා
සඳමින් උවනත මැලවෙනු දැක දැක නෙත් හැංගූ පේනා
මුදමින් කඳුලක් සත්සර වැයු හද තිත තිබ්‍බා වීණා
වදමින් තුන්දරු, ඔහු හා තනිකල, ඇය ආයේ නේනා!!
- මැණික් ග්ලෙන් -
උතුරු අයර්ලන්තය
21/07/23
කවිය බලන්න
සම්බුද්ධ ඝාතනය
Context:
M A Nuhman wrote Tamil poem titled “Putharin Padukolai” soon after the burning of the Jaffna Library in 1981. it was translated to English by S Pathmanathan. This is a Sinhala interpretation of the original poem.
ඉකුත් රැයෙහි සිහිනයක දුටිමි
බුදු හිමි වෙඩි වැදී මළ බැව්
නිල නොවු ඇඳුමින් උන්
පොලිස් සෙබලුන් අතින්
යාපනේ පොත් මැදුර අබියස
පිය ගැට පෙළ මත
වීය ඒ ලේ ගලන සිරි ගත
ඝන අඳුර රජයන කල
පැමිණෙති ඇමති කැල
"අප ලයිස්තුවේ මොහු නම් නැති
ඉතින් මොහු කුමට නැසුවේද තොපි"
ඔවුහු ගිගිරූ සඳ උදහසින්
පැවසී සෙබල මුල බැගෑ හඬින්
"ස්වාමීනි තරහ අවසර
අප අත වරද නැති
සිටින තුරා මොහු යහතින්
හිංසා කල නොහේ මැස්සෙකුට වුව, එහෙයින්..."
"හා හා තව කම් නැත ඉතින්,
මළ සිරුර වහා සඟවව් ඔතනින්"
පවසා ඇමතිවරු නික්මුනු ඉක්බිති
සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක්
සිරි සිරුර මැදුර තුලට ඇදපියා
අනූ දහසක් පොත් එය මත අසුරා
සිගාලෝවාද සුත්ත දල්වා
පොත් සෑයට ගිනි තැබූූ කල්හී
බුර බුරා නැගි මහ ගින්නෙන්
ශාන්ති නායක බුදු සිරුර සමගින්
ධම්ම පදයත් එදා දැවී අලුවූ වගයි
කවිය බලන්න
සංසාරික ප්‍රෙමය
පුරුද්දක්ද මෙ සසරේ
මා හදවිල මත පිපි
මා නිවමින්
හිමි වි අහිමි වි
ඇතට ඇදෙනා
පෙති ගිලිහි වැටේවිදැයි
නෙලාගන්න සිත බියවි
හද විලෙහි පතුලේ සැගවි
ඔබ ලගින්ම පිපෙනා
ඇසුරෙන්
දෙනෙතින් මිදි
මට නොපෙනි
ඔරුවක නැග
ඇතට යන
කුමුදුලියේ
පරවි යයි
මා හද මල
ඔබ නොමැතිව
විල් තිරේ
නැවුම් විලෙක
දිවිය ලබා
ඔබ පිපුනත්
නැවුම් ලොවේ
විශ්වාසයි
ඔබේ ලොවේ
පායන සද
පායාවි මගේ ලොවේ
එදෙස බලා
සැනසෙන්නම්
දැකගන්නම්
විදගන්නම්
මගේ හදින්.
කවිය බලන්න
ඒ තමයි තාත්තා.
ඇහි පිල්ලමක් ගසන වේගෙත්
මඟ නොහැර රැකවල් සඳා
ලේන කුලයේ අම්මලා මෙන්
දූවරුන් රැක්කෙම බුදු වෙන්න නොපැතු
මිනිස් කුලයේ පියවරුන්
ආදරේ තරම අකුරක් ගානේ මුමුණන
කෝටි ගානක් අම්මලා
දන්නෙ නැ කිරි නොඑරී පපු යට
තාත්තා දරුවන්ට තිබු ආදරේ හංගලා
කෑ ගසා නොකී මුත් හුස්ම දරුවන් කියා
රළු අතක් උඩ මෘදු මලක් පරිස්සම් කලා නම්
ඒ තමයි තාත්තා.
කවිය බලන්න
සොඳුරු සංවාදයක්
සතුටකි කලකින් මුනගැස්ම
ගමේ ගං තොට මතකයට එන
සැනින් දිය ගැඹරට පනින-
එගොඩ මතු වෙන මිතුරාන
ටැම්පරි කැසියර මං මෙතන
වීස ආ ගමන් නගා ගිය රට
දුවත් දැන් යනව නර්සරියට
අම්මල බලනව වාසනාවට
දිස්පැන්සරිය එලෙසම
තවම කරගන යනවද එතන
හොඳින්ද මාපිය දෙදෙන
මහ ගෙදර ගස් කොලං වට වුන
~
හොඳද මගෙ වන්ඩිය නවතම
කෑලි කැඩුව ටවුම ලඟ ඉඩම
රට පනිනව යාළුවො ලඟතම
පිරිය නැත උසාවි බඩ ගෑම
නවසිලාංකික වෙන්න හිතාගෙන
මාස්ටරෙක අවසන් කළා මීන
හෙවි මැෂිනරි සහ බේකරි
ට්‍රේනින් ගියාම මගෙත් බමරෙ හරි
සීනියර් රෙසිඩන්ස් දැන් දැන්
මතු වේ හතු පිපෙන විලසින්
වැඩිහරිය කොම්ෆට් මදිය
ඉක්මනින් තීරණය කළ යුතුය
17.07.2023
කවිය බලන්න
අහිමි වසන්තය......
වසන්තය නුඹ ඈත සිටියදි
පෙම් කළෙමි මම නුඹට රහසින්.
වසන්තය නුඹ මවෙත ඇවිදින්
ම සිත් මිදිලා එ පෙම් දැහැනින් .
දසන්තයෙ රැඳි පිපුණු මල් වල
සුවඳ පැතුවෙමි ලොවට රහසින්
පිපුණ සැම මල් නෙලන්නට පෙර
පරව ගොස් ඇත නොසිතු විලසින්.
අනන්තයෙ දුටු දිලෙන තරු කැට
සමඟ දොඩමළු වුනෙමි සතුටින්
තරු මුවා විය අහස කළු විය
සිහිනයක් විය ලොවට රහසින්.
කවිය බලන්න
ප්‍රේමණීය ම සුළං දහරා
නිරාමිස සුව දැහැන් බිඳලන
ප්‍රේමණීය ම සුළං දහරා
සරා සඳ මත වැතිර ගෙන හිඳ
කැලණි ගං දිය සිඹින මිහිරා
පුරාණෙක රැඳි මතක සමරුවෙ
සිතුවමක් වන දියහි සීරා
කිරාමැන නොබලමින් ලතැවුල්
අදත් මේ ගඟ ගලයි පීරා
සකද මලයි බබළු වැලයි කාව්‍ය සංග්‍රහයෙන්
කවිය බලන්න
ඒ මායාකාරී ආකර්ශනය...
සැබෑ ලොව යථාර්ථය තුළ
ඔබ කොතෙක් නම් දුරද
මේ විශ්වයේ කොතැනක
කෙලෙස සිටියත් කම් නැත
එදා වාගෙම අදත්
දුර සිටන් ලංව...
හදවතට ලං ලංව...
කිසිම වෙනසක් නැතුව.
අවසානයක් නොදන්නා
ඇරඹුමක් ලඟ හමුව
කොතෙක් නම් අප ඇවිද්දා ද
සත් සමුදුරේ මතු නොව
අනන්ත තරු යායෙනුත් එපිට
මන්දාකිණි අතර අතරමංව
සීමා මායිම් දකිනු බැරි තරම් දුර ඈත
කෙලි කවට කතා සේම
බර්මියුඩාවේ සැඟවී ගියාසේ
අතුරුදන් ව
නමුත් කොතැනකින් හෝ මතුව
පණ ගැහෙන බව දැනෙන...දනවන..
යෞවනය කෙමෙන් වියැකී
සිතත් ඔත්පල වේ ද කිව නොහැකී
පෙමාතුරව ගතවන
සමහර අමාරුම තත්පර වල පවා
උණුසුම් ම හැඟීමකට නතුවන
හිත වෙලෙන උමතුව
ඒ මායාකාරී ආකර්ශනය...
කොයි තරම් ලෝබ ද හිතක්
බැල්මකින් පවා ආලෝලනය වන
වදන් අවසඟ
ආදරයට!!
කවිය බලන්න
Why should I care.
Though they know nothing
There are pages and pages....
By
Famous writers
Describing .....Us.......
In different ways....
Mostly in derogatory terms.....
But ....
Why should I care.....
I'll go there again.....
To....The bus stop....
Shade of a lamp post.....
Am sure....
To ...meet...the broken men....
Of...
Wives adorned in gold
They will provide me....
Not with ...Gold....
But...Enough to feed.....
Mouths of my home..
So why should I care.....
I know ages ago....
And...
Many there to come....
Will be..... pages....
By famous people...
Who may be also from....
Rich....but...broken homes....
Looking for ....
A small solace........!!!!
So why should I care......!!!!
Dr Ramya Attanayake,
Pethiyagoda,
Geli oya.
කවිය බලන්න
බිදුනු හද මල
විශ්වාසයේ සොදුරු මල පරවී වැටුන කල
යලි කිසිදු උයනක , පිපී මුකුලිත වනු මා දැක නැත
ගලක් කල ඒ සොදුරු හදවත
මෙලෙක් වේ දැයි කාට කිව හැක
රිදී මැලවූ ප්‍රේම මල් දම
යලිදු කිසිදින පිපෙනු නැතිමුත්
සදාකාලික රිදුනු හදවත
නගන දුක් හඩ
කිසිදු දවසක නතර වනු නැත........
රේණු
22/07/23
කවිය බලන්න
නවසීලන්යෙත් ලන්ඩන් කවි
ලන්ඩන් කවි ගසේ - අතු පතර විහිදිලා
දළු දමා මල් පිපී - ලොවපුර සැරි සරයි
කවියන් කිවිදියන් - පිබිදෙන්න කලුවරින්
විහිදන්න බැඳී දෙඅත් - බලනු ලොව කවි ඇසින්
නවසීලන්තයෙන් - අලුත් අතු විහිදිලා
මල් ගොමුවේ ගුමු ගුමුව - මී මැසි විහඟ නද
ඇසේවි ළඟදීම - සඳ එළියේ මල් පිපී
රසට කවි ලියන්න - එකතුවෙමු ඔබ අපී
30ජූලි 2023
කවිය බලන්න
පෙම්ලොව විශ්වාසගත මිතුරා
කවියන් කිවිඳියන්
එදා මෙදා තුර
ගෙතු නිර්මාණ
පෙම්වතුන්ගේ
ප්‍රේම පාරාදීසය තුළ
සියවසක්
පසුකරමින් සිටියදී
අතේ නැලවෙමින්
තෙපලු පෙම්බස් සමග
සුන්දරම වූ කෙඳිරිය
අනන්තවත් මම
අසා ඇත්තෙමි
දුටු දසුන්
අප්‍රමාණය
පෙම්වතුන්ගේ
විශ්වාසම මිතුරා
මමයි මමමය
ප්‍රථම ප්‍රේමය
පූජා කලවුන්
කුළුදුලේ ඇරඹුවන්
මෙන්ම
පෙම්ලොව අහිමිව
හිස් අතින්
ගෙදර ගියවුන්ද
ඕනෑ තරම් මා
දැක ඇත්තෙමි
මගේ තුරුලට
නොආ අය
අතේ ඇඟිලි ගණනටය
සහශ්‍රය මියෙදෙන
තෙක් පෙම්ලොව
නොමියෙන හන්තාන
මිතුරා මමමය.
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
වඳනා සුරන් කිරුල'ග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රනින් මනා
මඩනා බැවින් සියපත එහිමි පතුලෙනා
බියෙනා ළතඹ හෝපලු සදිසි වෙවුලනා
නමස්කාර කරන්නා වූ දෙවිවරුන් ගේ ඔටුණු අග මැණික් වල කාන්තිය කරණ
කොට ගෙන තවරන ලද මනරම් වූ ලාකඩ විලාශය පෙන්වූ රතු පාටින්
හොබනා වූ ඒ ස්වාමීන්, තම පතුලෙන් නෙළුම් මල මැඩගෙන නොහොත්
පාගාගෙන සිටින හෙයින් ලා රත් පාට වූ අශෝක දළු භීතියෙන් වෙවුලන්නාක්
වැනිය
කවිය බලන්න
කන්ථකගේ පූජාව
නේරංජනා ගඟ එතෙරව යන කලට
බෝ වේදනා ගැයුමන් දිය රළ පෙළට
කෝ කල්පනා පණ සුන් මගෙ සිත් මලට
නෑ නවතිනා රිසි අරුමයි පාවලට
පියෙකුගෙ පෙමින් සිඹ පිරිමැද සනසාලා
දෙතොල'ගෙ වදන් සුරතල් කර පවසාලා
දුක මගෙ සොයා වෙහෙසුණු සුව සලසාලා
නෙතු අගෙ දකිමි ඔබෙ සිහිනය සරසාලා
ඕජා ඇසළ සඳ පෙරමින් ගලන රැය
රාජා බරණ ගලවා කෙස් සිඳින පැය
තේජා සසර පාරමිවල රකින සෙය
පූජා කරමි ඔබ හට මගෙ පැලෙන ළය
කවිය බලන්න
අසූ තුනේ කලු ජූලිය
ගාලු මුවදොර
පාළු සුදු වැලිතලවේ
හිඳිමි ඔබ ගැන හිතට ලං වී
ඈත දියඹේ නැවක් දුම්දා
හිමිං සීරැවෙ පාව යයි.
ඈත පෙනෙනා දුම් කැරැල්ලක
දැනිනි මතකය එදා දවසේ
ලඟට එනවිට මහ විපතකි
ගිනිදැවුල් හා කාල දුම් රොටු
ජාතියක නාමයෙන්
මගෙන් ඔබ උදුරා
ගෙන ගියේ කුමකටද දෝ.
ඔබ උතුරැ කරෙන් ආනිසාද
වෙනත් බසක් දෙඩුවාටද
නැත්නම් ඔබ මගේ පෙම්වතිය වීද
ජාති මමාක මිනීමරැවෝ
ජාතිආලය මුඟුරක් කොට
මුලු නුවර තුල දවස් ගනනක්
මැව්වෝය පටාචාරා
සහ කිසාගෝතමී
ඔබසොයා ගියද මට
දැවෙන සුන්බුන් අතර
ගිනි අළුවිසුණු මිස
මම දුටුවෙ හඬනගන
පටාචාරාවක් නොවේ.
වෛද්‍ය සුමනසීල ද සිල්වා
බර්මින්හැම්,එංගලන්තය.
කවිය බලන්න
ගිහියෙකුගෙ ඉල්ලීම...
නිස්සාර වු භව අතිර බැව් කලෙක සිටදිම දකිනු රිසිය
සංකාර බැමි අතැර යායුතු මගක සිරිපා තැබිය යුතුය
පිංසාර සිතිවිලිද සමඟින් විඳින විට කහවතක සිරිය
සංසාර ඉම නාවාතැම්පොළ සමිඳ නුඹලට දුරක් නැතිය
සියලු දේවල් අතැර යන විට ගමන පහසුය යැයි කියා
එදා තම සඟ පිරිස අමතා දෙසු තිලොවග පියා
ඉතින් මොකටද තවත් දේවල ලොබ බැඳන් රැස් කර තියා
සැපක් නම් නැත අනෙක් කිසිවක ධර්මයෙහි හැසිරෙනු නියා
සිත කිලිටි කර නොගත යුතුමය නිසරු වූ හැඟුමන් ළඟ
අවබෝධ කර ගැනුම යෙහෙකිය නිමල දහමක හරි වග
දුසිල්වත් කම් අතැර දහමට අනුව හරි ඉනිමං නැඟ
කියා දෙනු මැන අපහටත් ඒ නිවන් පුරයට යන මඟ
කවිය බලන්න
Liberty is on the horizon.
To write the sweetest sonnet is to write a piece of brilliance.
A mixture of the sweetest words ever written and emotions.
The motion of my journey has nearly come to an end.
Liberty is on the horizon.
The sweetest sonnet can never express how elated and elevated I feel.
But if it did it would be the sweetest thing ever written.
Filled with the sweetest words and emotions.
At last I can find peace amongst the turbulent rough sea's that I have sailed upon.
A journey that has tested my strength.
A journey that had broken me at times.
A journey of perseverance that will stand the test of time.
To write the sweetest sonnet is to write a piece of brilliance.
A mixture of the sweetest words ever written and emotions.
A journey of self worth and self discovery.
A journey of recovery.
A journey of healing.
A journey of dealing of past trauma all laid bare for all to see.
A journey of liberty.
So if I had to write the sweetest sonnet it would have to be a piece of brilliance. With the sweetest words that have never before written on a page filled with emotion.
කවිය බලන්න
අකීකරු දීගය
සොඳුරුම හැඟුම් මිණි සේ කිරුළක රන්දා
කඳු මෙන් උසට සෙනෙහස හදවත වින්දා
සිඳුනත් ගතේ වෙර දැන් හම රැලි කැන්දා
පඳුරක් ගානෙ මල් පිපුණේ ඔබ හින්දා
නිවසම එළිය කළ දූ පුත් කැලක් වෙත
කළ හැමදේම ඉර හඳ සේ මතක ඇත
නරකම දිනෙක රිදුනත් වැරදිලා හිත
දිගටම ඉන්න තිබුණා අත නොහැර අත
පමණට වැඩිය මල් තිබුණත් දෑත රැඳී
හිතකට පෙමට ගළපන්නට එයත් මදී
නැතිවට පිණක් ඉන්නට එක ළඟට වැදී
ඉඳහිට දිනක එමි යන්නට හුළඟ වැදී
කවිය බලන්න
ජීවිත
සප්ත ස්වර හා තරඟ වදිමින්
පිනවමින්.දහසකුත් දෙසවන්
පහන් වෙනතුරු රෑ පහන් කළ
පැදුරු පාටියෙ සියාතු
අරුණ රැස් කෙදි වැටෙන උදයේ
නිදා වැටි වැටි පැලට එන්නේ
රැගෙන ගිය තම එකම වස්තුව
සිතාරය දෝතින් හොවා
ලැබුණු දේ දවසක්ම ගෙවලා
දවසකට වත් දිවි ගෙවන්නට
කන්න තුන් වේලකටවත් මදි
සොච්චමක් යටි මඩි ගසා
දනෝ පා පළදින සපත්තු
සෙරෙප්පුද කුඩ ලොකු පොඩි
කැඩුණු ගැලවුණු ඉරුණු හැම තැන්
මසා ලැග අගු පිලක පාරේ
එකතු කරගත් මුදල් පොජ්ජෙන්
හවස අඩියක් හෙම ගසා
දෙන්න බිරිඳට සොච්චමක් හෝ
අතේ ඇති නැති ගානටයි
සපතේරුතැන රෑ කළුවරේ
සෙයිලමේ සිට කුර ගගා විත්
අතුපැලට ගොඩ වදින්නේ
මහා වැසි මැද කළුවරේ
විෂ සතුන් අඩු නැති බිමේ
ඇවිද හෙමි හෙමිහිට වගේ
පොකුණු,වැවු,ව්ල් දිය බඳෙහි
කර වටක් ගිලෙමින් උදේ
ඕලු,මානෙල්,නෙළුම් නෙලලා
කර ගසා ගෙන අවුත්
කතරගම කිරි වෙහෙර පාරේ
කෑ ගගහා මල් ව්කුණනා
ලමිස්සියනට ව්කුණලා
ලබන සොච්චම් මුදල ඔහුගේ
දහදියට නැති සරිලනා
බොහෝ මිනිසුන් අදත් තැන තැන
දකුණු ලක ඇත ලතවෙනා
කවිය බලන්න
ජංගම වහල්ලු
කන්න ගියත් ඇහැ ඒකට
බොන්න ගියත් ඇහැ ඒකට
වැඩට ගියත් ඇහැ ඒකට
කොහේ ගියත් ඇහැ ඒකට
කෑම පිඟානේ ලඟින්ම
බීම වීදුරුවෙ ලඟින්ම
ලිපිගොනු අස්සේ ලඟින්ම
කොහෙ හිටියත් අත ලඟින්ම
ඇස් පෙනුනට පේන්නෙ නෑ
කන් ඇහුනට ඇහෙන්නෙ නෑ
ඉන්නෙ කොහෙද දන්නේ නෑ
කය විතරයි හිත ළඟ නෑ
ඇඟිල්ලකින් පිහදාලා
ඇඟිලි දෙකෙන් ලොකු කරලා
ඇඟිලි තුඩින් තව කොටලා
ජංගමේට වහල් වෙලා
කවිය බලන්න
වරද
යළි නොඑන්නට ගියත්
මම නැවත එන්නෙමි
මතක සැමරුම් අතර
හැම තැනම නවතිමි
නොදන්නා ඉමක් වෙත
සෙමින් පිය ඔසවමි
නොපෙනනා ඉසව්වක
පෙර මතක වළලමි
කඳුළු නැති දෙනෙත් අග
වියලෙන්න ඉඩ දෙමි
කිසි දිනෙක නොඑන බව
යලිත් මම නොකියමි
කවිය බලන්න
නොපිට (කතා) වස්තුව
සුදම් සබාවේ හා හූවක් නෑ
හිතාගන්න බෑ මෙහෙම දෙයක්
Google අඳුනින් බැලුවෙමි
දුටුවේ "දෙවෙනි ඉනිම " වගෙ විකාරයක්
විජයොත් පායම කුලියට අරගෙන
Rosmid පන්නේ හෝටලයක්
උමයංගනගේ Beauty Saloon එක
ලොකු පොඩි දෙවිවරු යනෙන තැනක්.
මාතලි දෙව් රජ Permit නොගෙනම
High way දාලා semiම ගොඩක්.
ඔටුව පිටෝටුව හීනෙන් දොඩෝන
ගැමුනුට වත් නෑ මෙහෙම ලෙඩක්.
ඓරාවන ඇතු බද්දට අරගෙන
හබරන පැත්තේ safariයක්
අභරන වැඩමු ඇතුන්ගෙ පිට උඩ
හෙලිකොට සුද්දියෝ විදින සැපක්
පන්සිලු මුත්තා Visa නොගෙනම
රට පුරාම දැන් Shows වැලක්
ලගදිම යනවලු Milano වලටත්
Mille, Dinar වල නෑ අඩුවක්
කප් රුක පෙරලා මොරටුවෙ මෝලක
Cubic අඩි ගානට මැනලා
කාටත් නොදැනිම ඒ ගනු දෙනුවෙන්
රුක් දෙවියොත් ගානක් ගහලා
නන්දන උයනත් Dozer කරලා
පාට Basil ගල් අතුරාලා
බලන්න ආසයි ඇවිදින මංතිරු
රූස්ස ගස් ලොරිවල නැගලා
ගැබ්බර වැස්සියො වගෙ යෝගියෝ
හිමාලයෙන් පොලවට වැඩලා
උකුනු පුකක් වන් උන්ගේ ඉහටත්
PSO කුඩ ඔසවාලා
සරස්වති ගේ Music Centers
කොත්තු විදියෙත් රෑ ඇරලා
නිපුන් විසාරද උපාධි courses
තැපෑලෙනුත් සරිගම බෙදලා
Realaty show වල සරසවි මුවගින්
Commentu කුනු කෙල වැලයි සකි
පිටාර දොරවල් නමයම බිදගෙන
SMS වැසි වසී සකී
කෝචස් නෝනගෙ කඨී තටාකයෙ
Tyre වලලු පිට පොට පැනලා
AC තිබුනත් Mackup දියවී
සරසවියට කාලිය වැහිලා
බඩ තඩි දෙවිවරු උහුලනු බැරිවම
සක්මන් මලු පුපුරයි කියලා
walkie talkie තඩි කටේ ඔබාගෙන
මතුරණ පොලිසියෙ officerලා
අනෝතප්ත විල ඉවුරුත් බිදලා
Sucker Machine එක පෙලට යොදා
සුදම් සබාවට නොඑනා දෙවිවරු
පතල් පොලට උදයෙම වැඩලා
බලන්න ආසයි V 8 තුරඟුන්
වීදුරු එහෙමත් කළු කරලා
අට වක මැනිකත් එතර වඩින්නේ
VIP මල්ලක බැහැලා
ස්වයං ජාත වී Polythene මළුවල
රන් මසු ගානට මිල වෙන්නේ
පුලතිසියෙන් තවුතිසාවෙ වැඩියෝ
සහල් මිලට අධිපති වන්නේ
අහස් ගඟත් හිල්වෙන තරමට
බෝට්ටු පෙල වැලි ගොඩලන්නෙ
මනම්පිටියටත් Ten wheeler වල
දෙවිවරුමයි වැලි සපයන්නේ.
කෛලාසයෙ මහ ගල් පුපුරනවා
බලපත් හිමියොත් දෙවිවරුමයි
පිට්ටුගලත් නෑ මේ වගෙ ගල්කොරි
High way වලටම උන් සපයත්
සුරබි දෙනත් බඩ තඩියො උස්සාලා
ඈ ගැන තොරතුරු කිසිත් නැති
දියවන්නා තෙර කුර සටහන් මිස
තපුල්ලනා හඬ නිමක් නැති
නුවණට අදිපති ගණ දෙවියන්ටත්
මොලේ පෑදිලා හිටි හැටියේ
නුගේගොඩ ඉදන් රට පුරාම දැන්
Tution කඩ පෙල එක සරියේ.
පඬුපුල් අසුනේ සක් දෙවියෝ නෑ
High jack කර යම රජ්ජුරුවෝ
රත්වෙන තරමට උන්නැහෙ ආසයි
ගින්නෙන් Fun ගන්නට සුරුවෝ
කවිය බලන්න
අසම්මත ආදරය
අතු රිකිලි දර වෙමින්
දැවෙන ගිම්හානයේ
පවනක්‌ව ගත වෙලුනු
සොදුරු දඟකාරියේ
වසන්තයෙ ඉගිලිලා
නොඑන ලෙස දිව ගියේ
තුරු මුදුනේ පිපී මලයි
අකාලයේ මිය ගියේ
දිය කඩිති ලෙසින්
ඒ මිරිඟුව ද දිලිසුනේ
පිපාසෙට දිය සොයා
හති වැටී රැවටුනේ
අවාරෙට පිපුණු
මල්පර වෙලා පුදසුනේ
නුඹ සමග නොවේ
ලොව නුඹටමය හිනැහුණේ
ගෙවුණු මුත් වසන්තය
මල් නොමැති අතු කොනේ
කොළ පාට ළදල්ලක්
පවන් වැද සෙලවුනේ
පිපෙන්නට පෙති නොමැති
මල් කෙමිය තුල අනේ
දුක් කදුළු ගල් වෙලා
පල ලෙසින් දිස් වුනේ
කවිය බලන්න
මස්සිනේ කළුෑ
මානා කැත්ත වන වැද හිත් දෙකක් පෙළුෑ
මානා පඳුරු කැති ගා ගෙන වරෙන් කළුෑ
නානා රටාවෙන් පැදුරකි පිලේ එලූ
ඕනා නෑ බඳට යළි රන් වුණත් සළුෑ
මානෙන් ඉදිමුණත් ගෙන නොයෙක කල්පනා
සීනෙන් දුටද දැන් වර පිටට ඇස් පනා
ගාණෙන් කෙමෙන් හිද මා ළඟම සිත් පිනා
මානෙන් එපිට යන්නට නොහිතු මස්සිනා
යානා දකින සිහිණය සිහිනෙකත් නැතේ
නානා රසැති බෝජන පැල්වලත් ඇතේ
බෑනා කර ගන්න මවගේ සිතෙත් වෙතේ
නෑනා ළඟදි කියපන් මස්සිනේ මතේ
හීනෙන් ගියද අත හැර නෙළපු නා මල
නාඩන් සිතින් වැද වැඳ කවුඩු බෝ පැළ
කවුඩන් වවුලනුත් වුණද කිම බෝ කළ
පාඩන් ගනින් පොත නැති දැනුම ඒ මුල
පිං කළ නිසාමයි උඹ මෙතෙක් බේරුණේ
යන්තමට හෝ ඉන් මුකරි කට නෑරුණේ
ඉන්නට නොහැක කල් යව යවා කාරණේ
දැන්මම කියාපන් මස්සිනේ තීරණේ...
කවිය බලන්න
සඳ සහ මම
සඳට නම් මොකද
වැතිරෙන වා ......
හිතු හිතු තැන
පෝයට.....සිල් මම
කවුළුව වැසුවා ද සිහි නැත
හැපී යයි සවන ත
පංසලේ බණ පද
අපේ....යහනෙ හිස් අඩ
පුරවයි ද .........
සඳ........ අද
අට සිල්ය මම තව
පංසිළුත්.....රකී දැයි සැක
අසා..... සඳ පාර
යමි ගෙදර......
ඔහුට......තනි ඇත
කවිය බලන්න
නුඹ බර නෑ ලයට....
ඉඳහිට ඇවිල්ලා ඇසි දිසි
මානයට
පාවඩ එල්ලන්නේ කිම යලි
හීනයට
ජීවන ගීතෙ වැයෙනා හිමි
තාලයට
යායුතු ගමන යන්නෙමි මගෙ
වේගයට
හිත දුර අරන් එකමත් එක
කාලයක
මං ඇහුරුවා හසරක් නැති
රෑ යමක
අඳුණක දැවටි මධුබිගු පිරි
මාවතක
නුඹ හැංගුනා හරසුන් නැති ලෝකයක
අදටත් දොසක් නොකියා සිදුවූ
දෙයට
පෙර විපරමින් පසුවෙමි තරහක්
කුමට
ඇත්නම් ලතෙත් බිඳුවක් තව හිතෙ තෙතට
පෙර මෙන් ලංවෙයන් නුඹ බර නෑ
ලයට
කවිය බලන්න
මම රුකක්
මහා තණකොළ යායක
තනිව සිටගත්
සැලෙන නොසැලෙන
රුක් රැජින මම
මහා සුලගෙත් තනිව
සීත පින්නෙත් තනිව
හිමේ හිරිගඩු පිපෙන
කීරි ගැහුනත් තනිව
සැලෙන සුලගේ පවන
සුසුම් කොට හිත් නිවන
මහා අසෙනි වැස්සකදි
කදුලු පොදි ගලාගිය
හෙට උදේ දලු දමා
අනිද්දට මල් පිපෙන
දලු නැතත් මල් අතර
සුවද විහිදුවන මම..
කවිය බලන්න
හැඳුනුම්පත
උන්දෑ මැරිලත්"
දැන් අවුරුදු
පහළොවක්"
89" හොරු ගත්තා
කිව්ව අයිඩින්ටිය
හමුවුනා අදිනකොට
පෙට්ටගමක්"
යටින් තිබුණා නවපු
කොළයක සීයා ආච්චිට
ලීව කෙටි, කවියක්"
"ජීවිතය යනු
මකුළු දැලකි,
ඔබගේ ප්‍රේමයට
මා පැටලුන,
සත්‍ය සිරගතකොට
බොරුව නිදහස්
වු භූමියක"
කවිය බලන්න
මට තේරෙන්නෑ
එහෙටත් යනවා
මෙහෙටත් යනවා
ඇසුත් ගැටෙනවා
මට තේරෙන්නෑ..
එනකන් ඉදහිට
මගත් බලනවා
හිතත් හොයනවා
හරිම කරදරයි
මට තේරෙන්නෑ..
අමුතුම සුවඳක්
නහය හොයනවා
හිතත් පිරෙනවා
හරිම අමුත්තක්
මට තේරෙන්නෑ..
යනකොට මගහැර
කොනින් බලනවා
යටින් බලනවා
ඇස් පැටලෙනවා
මට තේරෙන්නෑ..
හුලහක් වාගේ පහුකර යනවා
මම නවතිනවා
හිත නවතිනවා
මොනවා වෙලාදැයි
මට තේරෙන්නෑ..
හුරතල් ගතියක් වගේ තියනවා
හිතත් ගැහෙනවා
මටත් හිතෙනවා
මොකක් වේවිදැයි
මට තේරෙන්නෑ..
හරිම වේගෙකින් දවස ගෙවනවා
වැඩ නවතිනවා
ඔක්කොම යනවා
යන්න බෑ වගේ
මට තේරෙන්නෑ..
නින්ද හරි හොරයි
ඇස් පියවෙනවා
හීන පේනවා
හිතම කලබලයි
මට තේරෙන්නෑ..
උදේම නාල
කොන්ඩේ පීරලා
මටත් හොරා මම
දුවගෙන එනවා
මට තේරෙන්නෑ
මට තේරෙන්නෑ ....
කවිය බලන්න
නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා
මග බල බලා සිටියත් නුඹ යනෙන දෙසේ
බෝ කල් ගත වුණා නුඹ දැක ගන්නට සිතුසේ
ඇරයුම් ලැබූ සැණෙකින් නුඹ දකින ලෙසේ
වැඩියෙමි නුඹෙ තුරුල්ලට දෙව්ලිය විලසේ
දෑසින් නුඹේ සෙනෙහස් ගඟ ගලන විට
දෙතොළේ සිනහ රැළි මතු වී පෙනෙන විට
මුවඟින් නැගෙන විට නුඹගේ කෙළි-කවට
පෙනුණේ නුඹව මලවිය විලසින්ය මට
සසරේ පුරුදු බව හදවත තුළ හංඟා
ඉන්නට දැරුව මුත් නුඹෙ හැඟුමන් පුම්බා
වක්කඩ කැඩුව සේ මැයි සෙනෙහස ගංඟා
නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා
කවිය බලන්න
බොල් අස්වනු
Mobile: 0742699733
Message Body:
මල්බරව පූදින්න නුඹ දුන්න හීනයේ
යල් පනින වගක්වත් දැනුනෙ නෑ ආලයේ
කල් බලා ඉඟිමැරුව මුළා කළ තාලයේ
බොල් ම අස්වනු පමණි මං වපුළ බීජයේ
කළුවරට එළිය දී අහස වෙත වැඩියාට
පුරවන්න බැරි තරම්,හඳෙත් ඇති ආවාට
කොයි තරම් හැඩ වුනත් තවරගෙන කහ පාට
ළඟට නෑ ලස්සනක් දුරින් අපි නිවුනාට
නිය තුඩින් පහුරු ගා පෙති එකින් එක සිඳපු
මග අරින රටාවට හිත බිඳෙන් බිඳ මරපු
ලෝකයට වහන් වී නම්බු නාමය රැකපු
අදත් මං පුරනවා සිල් පදේ නුඹ බිඳපු
ආදරේ පවරන්න නළල් තිලකය තියා
ඇහිපියන් ඇහිරුවා තදින් නෙත් යුග පියා
පපුව මැද හාරගෙන අයිතියක් නොම කියා
එදත් තේවානිලා හිටිය මුනිවත අයා
කවිය බලන්න
ඉර දැවූ ගැහැනු
හේමන්ත , ගිම්හාන ,වස්සාන
ඍතුවල වෙනස්කම් නොසොයාම
සමකයට ආසන්න ..
දුම් ගසන කුස්සියෙන් එබෙන්නී..
හැඳිමිටෙන් කූරු ගා බත් හැළිය
බෙරි වෙන්න කළින් ඈ,
ජීවිතේ ලිප ගින්න සදන්නී..
රස්නෙදැයි කිසි විටෙක නොඅසනා
පුච්චන්න උපන් සැර ඉරක් යට ,
තබ තබා මිරිස්, දුරු, ගම්මිරිස්
පදම ඉක්මෙන්න පෙර..
ගෙට රැගෙන කුඩු කරන්
තුන පහට අඩු වැඩිය සදන්නී..
නේක මසවුළු යසට පිසින්නී.
සමකයේ ඉරට හරි කෙළින් යට..
වැලක් බැඳ ,..රෙදි දමා වනන්නී
කොට්ට මෙට්ට ද පැදුරු
ගස ගසා අව්වෙ දා
හෙට අලුත් දිනක් බව සිතන්නී...
ඉරට සැර විහිදීම ,
ඇතිවෙලා ගිය දිනෙක..
නන කැඩුණු කුඩ කබල
ප්‍රවේසම් කොට එහෙත් තබන්නී..
වැස්ස එන බව ඉවෙන් දකින්නී.
සමක ආසන්නයෙහි වෙසෙන්නී,
ඍතු වෙනසකින් නොම තැවෙන්නී ..
කවිය බලන්න
කැමතියි තියනවට දන්සැල් අවාරේ
දන්සැල් වඳින්නට යන්නට සිතුවාට
නෑ එසවෙන්නෙ ඒ පැත්තට මගෙ පාද
පූජා නගර දුර ඈතයි මට බෝම
ඒවට යන්න අත මිට සරු නෑ තාම
දහඩිය හෙලා මිට මෙලවෙන සොච්චමට
කුසින් අඩයි හැකිවන්නේ පුරවන්ට
දන්සැල් වඳින්නට ගියොතින් විනෝදෙට
බඩගිනි නිවී කුස පිරවෙයි සුභාවට
පිනක් නොකර දෙන දානය පිලිගන්ට
සිතක් නැතත් යනවා එය බුදින්නට
අඩක් පිරෙන කුස දිනකට පිරෙව්වට
දොසක් නැතේ මහතුනි පිං නුඹලාට
කවිය බලන්න
ඉතින් අද වැසි දිනක්
තුරු පත් ඔරවන්
බිම බාලාගෙන
වැහි බරට
තරහින්.................
අතරින් පතර
සුළඟක
ඇවිදින නටන
ලිය ලදැල්ලකි....................
තෘණ පත් වලට නෑ
කිසිත් ගානක්
කඩන් වැටුණත්
අහස
හිඳී නිහඬව ..............
යටඋවත් තම හිස්
නැගිටී හිමිහිට..........
මිදුලේ
වැසි සුනාමියකට
හසුව ගසාගෙන
යන කළු කුහුඹුවකුට
මා තැනූ ඉරටු පාලමෙන් ගොඩ වී
ටික දුරක් යනෙන විට
හමුවිය කුහුඹිචියක්
මුහුණට මුහුණ හොවා මෙනවාදෝ මුමුණ
උන් දෙපල තෘණ පතක වහල යට සැඟවුණි................
වහලෙන්
රිංඟන හිරිකඩක්
තෙමාලයි ලියන මේසයේ
තබා ඇති
හුඟාක් ඉස්සර
ඈ මට තිළිණ කළ
රතු ඉටි මලක්........................
ඉතින් අද වැසි දිනක්...........................
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
මන මත් කරවන දන මුළු දෙරණා
රසවත් වන වෙණ නද නද කරණා
සව නොත් සඳ පුරඟන ලොබ දිවුණා
නොද නිත් දරුවන් ඇකයෙන් වැටුනා
කවිය බලන්න
සර් ඩී. බී. ජයතිලක
දෙස් පාලනය පිළිබඳ උස් තැනක සිට
ඔබ කල මෙහෙය කවරද යනු දනිති රට
සාහිත සේවයේ නියැලුණ පඬුවකු ට
දක්වන හරසරය දැක්විය හැකිය මට
නිවැරදි බසින් ඔබ කල සිත් බඳින කතා
කොතරම් රසද ඒවා ඇසියැටිව ඉතා
ඔබගේ කතාවල ගැබ්වුණු කරුණු පතා
මම ලෝලයකු වුයෙමි ඒ ගැනම සිතා
දතුයෙහි හැමදෙයම වෙද පොත්වල පිරුණු
කට පාඩම්ය සෙල්ලිපි වල ඇති කරුණු
හෙළ සාහිතය පිරිහුණ අඳුරට හැරුණු
නැංවූවෙහි ය ඔබ උදයක් මෙන් අරුණු
ඔබ 'සිකවළද' වෙනුවෙන් පළ කරන ලද
සන්සෝදනෙන් හෙළි වෙයි ලත්දැනුම බඳ
බුදුගුණ ලකර හස් සඳෙසද ඔබගෙ හද
සාහිත රසය මනිනා කෝදුවකි හොඳ
නව සැකසුමෙන් පළ කළ රතනා වලිය
ඩී බී කවුද යනු රටටම පැහැදිලිය
නොපෙනෙන අඳුරු දේ අතරෙහි වැනි රැලිය
ඔබගේ පෑන් පහරින් වැටුනා එළිය
රාහුල සමිඳු ගෙන් පසුවට තොටගමුවේ
ඇත මහ වියත්කම් සර් ඩී බි හමුවේ
කී බස පෝල් ඊ පිරීස් සිත යොමුවේ
ඔහු ඒ හැඟුම අවිවාදෙනි පිරිනැමුවේ
පබිලිස් නැමැති මෙහෙකරුවෙකු වැල කෑවේ
ඉන් උණ ගැනී ඔහු සිය නිවසට ආවේ
රසවත් කවි පෙළකි ඔබ ඒ ගැන ලීවේ
පදයෙන් පදය මට ඒ කවි පෙළ සීවේ
හිඳ බැබළෙමින් දේසපාලන මිණි පව්වේ
මිල කල නොහැකි දේ බස පිළිබඳ ලිව්වේ
දිවි නොතකමින් ඔබ මගෙ ජාතිය වැව්වේ
තව නැහැ සිහල මිනිහා එහි ණය ගෙවුවේ
නැඟ එයි නොයෙක් පැන ඒ හැම පැනයක ම
ඉරණම කුමක්දැයි යනු නොම දනිමි මම
සියබස් පැනය විසඳන දින සිහල බිම
අමතක වෙයිද ඩී බී ජයතිලක නම
කවිය බලන්න
🗙
























































































