මහැඳුරු සුනිලුන් සමරමි බැතියෙන්...

මහැඳුරු සුනිලුන් සමරමි බැතියෙන්...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

කවියෙන් ගීතයෙන් සිනමාවෙන් මෙන්ම දෙසුමින් රචනයෙන් දුනි සැමටම ගැම්ම කුළුනින් පිරි හඬින් පහදන නිතැතින්ම එතුමන් දකිනු රිසිවෙයි මට නම් දැන්ම සිරිලක මිනී කන්දෙන් වැසු භීෂණයේ වැනසුණු තරුණ දිවි ටයරයෙ පෝරකයේ බොහො අය දුවද්දී බියවී මාරකයේ ඔබ පමණකිය ලිව්වේ ගිනි කූටකයේ උපතින් ගෙනා කවිකම් මොනවට පෙන්නා පබැඳුම් කළා ගී සිය දහසත් පන්නා සිනමාවෙන්ද තම හැකියාවන්‍ දෙන්නා මහැදුරු සුනිල ප්‍රතිභා ලොව ජය ගන්නා
කවිය බලන්න