අහිමි වසන්තය......

අහිමි වසන්තය......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

වසන්තය නුඹ ඈත සිටියදි පෙම් කළෙමි මම නුඹට රහසින්. වසන්තය නුඹ මවෙත ඇවිදින් ම සිත් මිදිලා එ පෙම් දැහැනින් . දසන්තයෙ රැඳි පිපුණු මල් වල සුවඳ පැතුවෙමි ලොවට රහසින් පිපුණ සැම මල් නෙලන්නට පෙර පරව ගොස් ඇත නොසිතු විලසින්. අනන්තයෙ දුටු දිලෙන තරු කැට සමඟ ⁣දොඩමළු වුනෙමි සතුටින් තරු මුවා විය අහස කළු විය සිහිනයක් විය ලොවට රහසින්.
කවිය බලන්න