නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා

නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

මග බල බලා සිටියත් නුඹ යනෙන දෙසේ බෝ කල් ගත වුණා නුඹ දැක ගන්නට සිතුසේ ඇරයුම් ලැබූ සැණෙකින් නුඹ දකින ලෙසේ වැඩියෙමි නුඹෙ තුරුල්ලට දෙව්ලිය විලසේ දෑසින් නුඹේ සෙනෙහස් ගඟ ගලන විට දෙතොළේ සිනහ රැළි මතු වී පෙනෙන විට මුවඟින් නැගෙන විට නුඹගේ කෙළි-කවට පෙනුණේ නුඹව මලවිය විලසින්ය මට සසරේ පුරුදු බව හදවත තුළ හංඟා ඉන්නට දැරුව මුත් නුඹෙ හැඟුමන් පුම්බා වක්කඩ කැඩුව සේ මැයි සෙනෙහස ගංඟා නොදැනිද මමයි පෙර භවයේ නුඹෙ බිම්බා
කවිය බලන්න