සහෝදර පෙම

සහෝදර පෙම

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

සහෝදර පෙම ~ රනින් පැහැ වුණු සියක් පත් දෙක එක ම පොකුණක දෙතැන පිපුණා එකට නොව එය දෙවාරයකට එක ම ලෙයකින් හද ම පිරුණා කලක් ගිය තැන වාසනාවට සහෝදර සිත් තදින් වෙළුණා පිපුණු තැන් මතකයෙන් ගිලිහී එක ම පොකුණක සිනහා රැදුණා... කවුරුදෝ අප වෙතට සපැමිණ නුඹ මගෙන් ගෙන යන්න ඇසුවා යන්නෙ කොහොම ද කියා නුඹ මගෙ උර මතින් මහ ගඟක් තැනුවා නුඹ තැනූ ඒ මහා ගඟ මැද මගේ හදවත ගිළී තිබුණා යන්න ඉඩ දී නුඹ දිහා මා ලොවට රහසින් බලා දැවුණා අඩ-දබර නැති නුඹේ දැගලිලි පුංචි විලටත් පාළු තැනුණා නැවත නුඹ ඉක්මනින් එන බව කවුරුදෝ මට කියනු ඇහුණා...!
කවිය බලන්න