ලොතරැයි වාසනා

ලොතරැයි වාසනා

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

ගිණිගෙන දැවෙන සැඩහිරු කිරණින් නැවී දහඩිය මුගුරු තුන් කන්සෙන් යයි බෝවී පණ රැක ගන්න ලොතරැයි පත් ගෙන පේවී මහ මං සන්දියේ ඔබ වෙත ගෙන ඒවී විස්සට නොමැත දැන් ඇති වාසනා ගුණේ වැස්සට උනත් දියවෙයි ජිවිතේ පණේ අස්සට වෙලා පොලිසියෙ නැති දයා උණේ කොස්සට හිටියෙ හතළිහ මිළ වෙලා කොණේ වේලක් බත්ය තව වේලක් රොටී හරී කාළක් ගන්නෙ නෑ පොල්තෙල් ගණං සරී පාසැල් යන්නෙ පොඩි උන් පොත් නැතුව දිරී නාහෙන් අඬන එක දිවියෙහි මිළක් දැරී විළි වහ ගන්න කඩමළු කීපයක් වෙත අඹුවට දෙන්න පටපිළි සළු බලල නැත නිළ ඇඳුමකට දරුවට රෙදි ලැබිල ඇත මැහුවම දෙන්න මුදලක් මදි සිහින මත
කවිය බලන්න