දොහොත් වැඳ තුති පුදමු

දොහොත් වැඳ තුති පුදමු

මාක් ඇන්ටනි කුමාරගේ

කලාකරුවාණෙනි..! * වේදිකා නාටකය නැරඹුවේ අපි එකල එය අපේ සිත් සතුටු කරන්නට සමත් විය.. * මනමේ සහ සිංහ බාහු අප නැරඹූ මහා රැඟුම් කෙලෙසක අමතක කරම් ද ? * නිශ්ශංක දිද්දෙණිය වේදිකා රංගනය තේජවත් පා ගමන සමඟ කළ ගායනය දෝංකාරය දිදී රඟහල ම සිසාරා රැව් දුන්න විලාශය.. * දසක ගණනකට පසු මොන තරම් මනරම්ද එතුමන්ගෙ රිදී හඬ අසන්නට ලැබීමත් එවන් වූ තේජසින් මහා උද්ධාමෙකින් .. ** කවි සිතින් ඇලුම් කළ නොමැකි තිබු රැඟුම් කරු සජීවි ව දකින්නට එම ගැයුම් අසන්නට වාසනා වන්ත වූ ඔබ සැමට සුබ පතමු .. * නිශ්ශංක දිද්දෙණිය කලාකරුවාණෙනි සුබ සිතින් සොඳ සිතින් දිඝායුෂ සුව පහස පතමු අපි එක සිතින් තවත් බෝ කාලයක් කලා ලොව බැබලෙන්න ..! * සැඳෑ සුව ජීවිතේ සැනසුමෙන් විඳ ගන්න * අමිල රංගන සොබා සමඟ කළ ගායනා මහ හෙළයෙ වේදිකා සොළවමින් කළ රැඟුම් සදා අප මතකයේ සනිටුවන් වී තිබේ .. * අප තුතිය පිළිගන්න මහතුණී නිශ්ශංක.. දොහොත් වැඳ තුති පුදමු කලාකරුවාණෙනි..!
කවිය බලන්න