සැබෑ පන්සල

සැබෑ පන්සල

මධුෂානි ඩයස්

හාත්පස සෙවණ දෙන බෝ රුකේ ලදලු පත් සිව් මහා සුළ‍ඟින් නොවිසිරෙයි යන්තමට සැලී නොසැලී සැණින් නිසොල්මන් වෙයි මනාව ඇමදූ මලුවෙහි වියළි කොළ රොඩු නොරැඳෙයි යනෙන්නන් පා සටහන් වැලි මත ඇඳී නොඇඳී මොහොතින් මැකී යයි ඇතුල් ගැබ බුදු ගෙයි සමිඳු සමවත් සුවෙන් පසුවෙයි වීතරාගී මුවින් වෑහෙන මෙත් කරුණා සිහිලෙන් කුටිය පිරී ඉතිරෙයි ශාන්ත සඳුන් සුවඳ පැතිරෙයි මලසුනෙහි මල්, පිපි පිපී පර වෙයි පහන් වැටෙහි එළියෙන් හාත්පස ඒකාලෝක වෙයි යතරුත් මනාකොට දිස්වෙයි...
කවිය බලන්න