හිම කුමාරි
සංයමයෙන් යුතුව හෙමිහිට සිසිල හිම
වැටෙමින් සුදු කරයි වටපිට සියලු බිම
වචනෙන් කිව නොහැක ඇති සීතලෙහි ඉම
එනමුත් තුටින් පැන හිම මත නටමි මම
බැලු බැලු අතේ බිම ගේ දොර වහළ සැම
සුදු පාටින්ම බබළයි පිනවමින් ලැම
රෑටත් අඳුර පලවා හැර දමයි බිම
පමණයි සඳුට පැරදුණෙ හිම කුමරි මෙම
දුටුවම කුමරියන් එක එක ලෙස සොඳුරු
හදවත පිනායයි දුරුවී දුක් අඳුරු
ඒ සැමටම වඩා හිම කුමරිගෙ සොඳුරු
දැකගත හැකිය රැයෙදිත් අතරින් පඳුරු
දරුවන් පමණක්ම නොව හිම මත නැටුවේ
සීයේ සීයලත් එහි නටනව දුටුවේ
පූසන් සුනඛයන් වුව දුව පැන නැටුවේ
හැකිනම් හිම ටිකක් මම සඟවමි අටුවේ
හිම කුමරියේ කරුණාවෙන් කියමි මම
එනු මැන යළි යළිත් ඔබ පිළිගනිති සැම
එනමුත් පුරුදු ලෙස වැතිරී නොසිට බිම
සීතල තබා එනු වසමින් සතර ඉම
2026 . 02 . 26
Photo Credit: Filip Bunkens
