මහාචාර්ය තිස්ස විතාරණ

මහාචාර්ය තිස්ස විතාරණ

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

දශක නමයක් ඉක්ම යනතුරු
උදාරවු මිනිසෙකුව සිටි ඔහු
පසුව එන්.එම්.පෙරේරාගෙන්
ඇවිත් මුල් පුටුවට එදා සිට
මියෙන තුරු සිටි සමසමාජයෙ
තිස්ස මහදුරු විතාරණයෝ
දේශයෙන් නික්මී ගොසින්

විවිධ යුගවල පැවැති රජයට
ඇවිත් ජාතික ලැයිස්තුව හා
මැති ඇමතිකම් දැරූ බලගතු කලක් මහ ඇමතිදුව වැජඹුණු
මේ මහා වියතාන දේශය
පබාමත් කල යුගය නිමවා ජාතියෙන් සමුගෙන ගොසින්

මහා රුකක් සේ නොසැලෙමින් සිටි
දිවයුරු සේ හෙළ සමසමාජයෙ
මේ මහා යුග පුරුෂයාණෝ
රටට ණය නැතිවම නිවීගියෙ විහිදවු රන් මුතු ප්‍රබා එළි
තවත් කලකට උරුම කරදී නොනිමෙනා විලසිනි සදා
======================
කලාභූෂන කිවිපති
සාසනකීර්ති දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
=====-=================
13/2/2026

කවිය බලන්න