වන බෝගන්විලා තුර -අනුවර්තනය

වන බෝගන්විලා තුර -අනුවර්තනය

අමා ඔවිනි අලුත්ගේ

Wild Bougainvillea by Kamala Das වන බෝගන්විලා කහ පෑති ඝන පියලි ගිම්හාන තාපයෙහි උද්‍යාන පවුර මත එපමණෙකි ඉතිරිය සඳුන් හා මැග්නෝලියා මියැදුණු රෝස පඳුරුත් වඳ වී ගිය පැටි විය ගෙවී ගිය උද්‍යානය හුදෙකලා බෝගන්වියා තුර පමණක්ම වී ඉතිරිය සුපැහැදිලි මතකයකි මෙ'තුර රෝපණය කල දින පියාණන් නංවා කුඩා මා ඔහු දෑතට ස්පර්ශයට ඉඩ දුන් සැටි එහි ළපැටි අතු ඉති ඔහු නික්ම ගොස් කලෙක මෙ'තුර යෝධයෙක් විය කෙළිදෙලෙන් ගෙවු විසල් සෙවනැල්ල දැන් හැකිළ ගිය කුඩා පැල්ලමකි ඒ වුවද වන බෝගන්විලා තුර නොනැවතී මල් දරයි එ'තුරු සෙවනැලි පතර නතුව එහි ග්‍රහණයට හීල් සුවයෙහි වැඩුණු පිරුණු ගැහැනියකි මම තුරු හිසින් මුදුන් වන පඬු පැහැති ලා සඳෙන් ලබන ආශිංෂණය ------------- Wild Bougainvillea by Kamala Das ************************************ Wild bougainvillaea blooms on the compound wall and a thick-petalled yellow flower nearby in this summer heat This is the garden of my childhood that remains, the rosebushes have withered, the sandalwood and the champak gone only the bougainvillaea and this lone tree survive. I remember the day the tree was planted, my father lifting me in his arms to touch its young branches. My father is dead and the tree is a giant whose shadow, in which I used to play, has shrunk to a dark spot on the ground. But the tree still blossoms and I, who grew to womanhood in the shadow of its branches, still feel its coolness, its sheltering embrace, and the pale moon that rises above it like a benediction.
කවිය බලන්න