සිරිලක සිරි.........
මහ සයුරෙන් වටවුණු ගොඩබිමක් මත
සොබාදමින් හිමිවුණු අසිරියක් ඇත
සිව් අකුරෙන් ලියවුණි නම දිනයි සිත
එකමුතුවෙන් පුබුදමු අපි රටම මිත
සීමාවුනේ උතුරින් යාපා පටුන තමා
දකුනේ දෙවුන්දර සැදුවා අපෙ සීමා
කලපුව නැගෙනහිර සැමගේ නුවන් යොමා
බටහිර කොළොම්තොට පරසිඳු නුවර තමා
සමනොළ කන්ද තැබූ මුනිඳුගෙ සිරිපතුල
උසමකන්ද මේ රට පිදුරුතලාගල
බඹරකන්ද දුම්හිඳ දියලුම ඇල්ල
මනනන්ද කරයි නිති සැමගේ සිතුවිල්ල
සිවිමහා ගඟුලැලි ගලමින් යනවිට පෙරට
අතරමගදි පිළිගෙන බැඳ පවුරුද පෙලට
නිතර සදාගෙනදී ජය මාවත රට නැගුමට
කුමරි වාලුකා වඩිනව සෙත සදමින් රටට
මනබඳිනා සිතුවම් සීගිරිමහ ගලමුදුනේ
සුවිසල්පිළිමෙ අවුකන විස්මෙකි රැඳුනේ
අනුරපුරය පුලතිසිපුර රජවිකුම් පෙනේ
එදා තිබුණු යසිසුරු අද යළිඳු දැනේ
හරිතවර්ණයෙන් හිනැහෙනවා වනන්තර
නීලවර්ණයෙන් බැබලෙනවා වැව්ජලතීර
රතුකැට නිල්කැට පෑදෙනවිට රුවන්පුර
රජරට පැසෙනවා කෙත්වතු මහසාර
සිරිදළදා සමිඳුසරණ නිතින් ලැබේවා
සිරිමාබෝ සමිඳු බෙලෙන් රට සුරැකේවා
රෝහණපුර කඳසුරිඳුගෙ පිහිට ලැබේවා
තෙරුවන් සරණින් දැයටම සෙත සැලසේවා
කවිය බලන්න
