ජාතික ගී ස්වරය මාලනියයි නන්දා

ජාතික ගී ස්වරය මාලනියයි නන්දා

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

දිලෙන දිවයුරු ලොවෙහි අඳුරට තිත තබා එළි බෙදන විලසින සැලෙන ගිනි දලු නසා මේඝය මුළු ලොවට දිය බෙදන අයුරින ලෙලෙන සඳ කැන් වලින් සොමිගුණ සැමගෙ ගත සිත නිවාලන මෙන පෙලෙන හද තුළ තිබෙන සෝගිනි නිවයි ඇගෙ ගී සවන වැකුමෙන අම්මා කෙනෙකු ලෙස සැමටම පිහිට වුණූ සම්මා සම්බුදුය කුළුණින් ලොවම දිනූ නම්මා ගීය වෙත දරුවන් නොයෙක තැනූ අම්මා ඇයයි ගීයෙන් මුළු රටම දිනූ සිටියේ දෙව් ලොවේ මහ සංගීතකරූ පන්සිළු නමින් පතළයි ලොව තිබෙන තුරූ ගී කෝකිලාවක් මිහිරැති නන්දයුරූ නොමියව සිටිනු ඇත ලක්දිව තිබෙන තුරූ සැම හදවතම සුමිහිරි ස්වරයෙහි රන්දා හද තුළ තිබුණු සැමගේ දුක් ගිනි බින්දා ඒ වැනි හඬක් යළි බිහි වේවිද මන්දා ජාතික ගී ස්වරය මාලනියයි නන්දා තක්කඩිකමින් රට කළ පරයන් පන්නා රැකගනු පිණිස රට ගී අවියෙන් ඇන්නා දුබලව සිටින සැමටම ජවයක් දුන්නා අද රට ලබන ජය පසුපස ඇය උන්නා සිත් සනසන්න කළ මෙහෙවර මිනිසුන්ගේ සැමදා රඳනු ඇත මතකය වැසියන්ගේ ඉන් ලද පිනෙන් ඇසුරට ගොස් සුරඹුන්ගේ වේවා බිරිඳ ඔබ පන්සිළු දෙවියන්ගේ 2026 / 08 / 28
කවිය බලන්න