කෝ ළමයි....
සරාගයේ හැගුම් පොකුරු ගුලිකර එක්කොට
නිවාඩුවට ඔබ එනවා මාව දකින්නට
පෙරුම් පුරා බලන් ඉන්න කැමති තුරුල්ලට
මහන්සියට නිදි වාගෙයි ගොරවයි සද්දෙට
සද තරුවැල් වෙහෙස වෙලා රාග කලාවට
ජනේලයෙන් ඉර එබෙනවා හොර අල්ලන්නට
අපට හොරා උදේ වෙලා දවස පිපෙන විට
අනේ සුමේ පටන්ගන්න වෙලාව මේ මට
ගේ පොඩ්ඩේ ගුලිවෙන කොට තදවි එයයිට
මාමණ්ඩි අහයි මීයො ඇත්දැයි යමරෙට
නැන්දම්මා පරල වෙද්දී ළමයෙක් නැතුවට
අනේ අම්මේ ළමයි කොහෙද සෙල්ලම් නැතිකොට
කවිය බලන්න
