පින මතින් සැප පූදියි

පින මතින් සැප පූදියි

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ලද මේ දිවිය පෙර අප කළ පින පෑදී ගත කළ යුතුය සැම දුක් යන ලෙස සේදී පින මත සිටියහොත් නිතරම සැප පූදී ඉසි කෝ දුරැර ඉනු මැන කුළුණින් සෑදී කළහොත් නොයෙක් පව් තිරිසන් ගති පෑදී මෙලොවට ලැබෙයි වැලපුම් දුක් පීඩාදී වලකනු බැරිය තබමින් පූජා බෝදී යන එක නියතමය මින් මතු නරකාදී උපයා ධනය සොරකමටම සිත බරදී ඇතැමෙක් මැදුරුවල ඇත ලෙස ධනවාදී දිනයක යාවි එමැදුරු ජලයට සේදී නරකයටද වැටී බොන්නට වෙයි ලෝදී තම සිත සුරැක පාපය වෙත නොම යාදී හැකි ලෙස පරහටත් යහපත කරවාදී ගෙන යන අතර දිවියට ලෙස සුබවාදී එරෙහිව පවට නොපැකිල බසිමුද වීදී ඇතිකර පිනැති සිතුවිලි මෙත් කරුණාදී අපි ඉමු සැම දෙනට යන මග පෙන්වා දී දුක දෙන කරුණ පාපය බව පහදාදී සුහදව වසමු රැකගෙන ගුණදම් ආදී බුදුගුණ ගයන විට පින් සිතුවිලි පූදී දන පින කරන විට දුරුවෙයි ලෝබාදී මෙත් සිත වඩන විට යටයයි දෝෂාදී මැදහත් සිතට එයි සුව සැනසුම් ආදී 2026 . 09 . 25
කවිය බලන්න