වෙසක් පොසොන් අසිරිය
හිතට එනවිට සමිඳු සම්බුදු අසම ගුණයෙන් උතුර උතුරා
පෙරට එති සැම දෙනම නොපැකිල දහමෙ අරුමය පතුර පතුරා
එම නිසා මෙත් කුළුණු ගුණයෙන් සෑම තැනකම අතුර අතුරා
කරති නෙක උපකාර පින්කම් උතුම් බුදුගුණ මතුර මතුරා
මනාසේ සැලසුම් සදාගෙන නොයෙක් රස ඇති බොජුන් රැස්කර
වෙනත් අගනා නොයෙක් වස්තුද අඩු නැතිව පින් සිතින් එක්කර
ලෝබ සිතිවිලි දුරැර සැමදෙන වෙතට කරුණා දෑත් එක්කර
බෙදති රට සැම තැනම මිනිසුන් රටද අබිමානෙටද ලක්කර
දහස් අතකට විහිදි සිත්කලු එළි රටාවන් වලින් කරවා
බණ කථාවක් සමඟ සැමගෙම සිත් සතන් විෂ්මයෙන් පුරවා
රටේ තැන තැන තිබෙන ඉඳිකර මහ තොරණ නෙක එළිය පොරවා
නැතිව වෙනසක් සැමගෙ ලොකු පොඩි ඇදගනිති සිත් වශී කරවා
වණන්නට කිසි බසක පද නැති ලෙසට නිමැවූ තොරණ පරයා
පහන් කූඩුද තිබේ තැන තැන පුදුම එළවයි නොමැත සැකයා
උරුම අපටම පමණි මේවා ලොවේ නැත වෙන තැනක තිරයා
මේ සැමට මඟ සැදුවෙ දහමයි උතුම් වූ ගුණ පියකු ලෙසයා
2026 . 06 . 29
කවිය බලන්න
