එක්වී දුරු කරමු මහ උවදුර ඩෙංගූ

එක්වී දුරු කරමු මහ උවදුර ඩෙංගූ

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

රටම එක එක ලෙසින් පිටරට වලට විකුණා ගසා වංගූ රටේ දේපල සමඟ ධනයද රටින් පිට ගෙන ගොසින් හැංගූ පල් හොරුන් රැල එකට පරදා බෙදා ගන්නට නොදී පංගූ රට නඟන්නට හදන විටදිම කඩා වැදුණා නපුරු ඩෙංගූ සවිය ඇති නෙක වටින ජීවිත සැමට රහසින් මරා හැංගූ නපුරු සතුරන් විලස රට වට සෑම බිම් කඩකටම රිංගූ ලොකු කුඩා සැම දෙනම පරදා උඩඟු විලසින් නිතර රැංගූ විගස පලවා හැරිය යුතුමය රටම වනසන සතුරු ඩෙංගූ වතුර රැදෙනා සියලු තැන් හා බඳුන් නොයෙකුත් දෑ අඩංගූ සමඟ නෙක කුණු කසල ගොඩවල් දුගඳ පැතිරුණු රෙදි පඩංගූ එකතු කර ගිනි තබා වනසා දැමිය යුතු නොම වී සුනංගූ එසේ නොකරන අයට නම් දඩ ගැසිය යුතු මුදලින් වලංගූ තමාගේ මව් රට රකින්නට කැප නොවී මුළුවලට රිංගූ ඇතැම් අය වගකීම් යුතුකම් නොකර ඇත පේරුවට පංගූ එසේ කළ විට සැමගෙ ජීවිත නසයි විගසින් පැමිණ ඩෙංගූ එම නිසා අපි අපේ වැඩ ටික කරමු අද අද විලස බිංඟූ 2026. 07 . 27
කවිය බලන්න