අම්මේ.....
දෙනුවන් වසා සුවසේ නිදනා මුහුණ
බොඳවී පෙනේ එළියෙන් සදහට නිවුන
සිරසට ළඟින් දල්වා තැබුවද පහන
මගෙ දිවි අඳුරෙමය හිරු සඳු තරු ගිලුන
ඔබගේ සුවඳ තවමත් දැනෙනවා අම්මේ
නැළවිලි ගීයේ පද අමතක නෑ අම්මේ
සුසුමේ සිසිල දෙසවන ළඟමය අම්මේ
අප මෙහි දමා යන්නම යනවද අම්මේ
රන්වැලි සෑය සෙවණේ සිසිලස දෙවනා
සිරි මහ බෝ රජුන් සිලි සිලි හඬ මවනා
වැව් දිය තලේ නැගෙනා රැල්ලෙහි හිඳිනා
අම්මේ ඔබම විය මගෙ දිවි සරි කරනා
දරුවන් බිරිඳ හිත මිතුරන් ළඟ හිඳිනා
එනමුදු පාළු අඳුරෙහි ගිලි සිත දැවුණා
මතු මතු භවෙත් ඔබගෙම පුතු වන ලෙසිනා
පැතුමන් පතනු බෑ ඔබ නිවනට ඔබිනා
කවිය බලන්න
