ගැහැනු

ගැහැනු

අමිතා පද්මකුමාරි

නොනවතින නාදයට සිහිනයන් බිඳදමා වහා යහනින් පැන දිවයන්නී උයනගෙට කාලයත් සමඟ පොරබැඳ තෙරපි තෙරපී මහමඟ දුවන්නී හනි හනික වැඩපලට නොපමාව ගෙමිදුලත් සිරිමත් කලඑළියි නිවසත් දෑත් දහසක් නැතත් සිත ඇගේ සවිමත් විවේකය බෝ දුරයි සහනයක් නැති තරම් විඩාවට පැන් පොදක් ලබන්නට පින ද නැත
කවිය බලන්න