විවිධ වයසෙදි මිය යන්නේ ඇයි ?

විවිධ වයසෙදි මිය යන්නේ ඇයි ?

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

මිය යති කෙනෙක් සිටියදි මව් කුසක් තුළ තවකෙක් මියෙති ඉපදී ටික දිනක් තුළ වසරක් දෙකක් දහයක් හෝ ගෙවුණු කල තව සමහරෙක් මිය යනයුරු සකිය බල විස්සක් තිහක් පනහක් ශතකයක් ගෙවී ජීවිත පහන තව කෙනෙකුගෙ යාවි නිවී හිතවත් ඥාති සැම හද ගිනි දුකින් දැවී සිටිමුත් හේතු විමසූ කිසිවෙකුත් නෙවී දිවි හැරදමා යන්නට එක එක වයසින් පෙනෙනා හේතු ඇත ගණනින් දස දහසින් එනමුත් සැබෑ හේතුව ගැන එක දවසින් නොහැකිය කරන්නට විස්තර පොඩි මනසින් එනමුත් කියමි කෙටියෙන් හෝ එය විමසා දහමෙහි තිබේ එය බුදු සමිඳුන් පවසා නවතනු නොහැකි වෑයම් කළමුත් කෙලෙසා පව්කම් තිබේ ඔබ මා කළ පෙර දවසා ළඟ නෙක හේතු ඇති මුත් ජීවිත නසන දුර හේතුවයි මූලික වන්නේ නිතින පෙර කළ නොයෙක් පව්කම් ඇති බව හැඳින අපි දිවි ගෙවිය යුතුවෙයි පින්කර මෙදින රඳනුයෙ දිවිය පින මතමයි අපිම කළ සැපයද ලැබෙනුයේ එයිනුයි වසන කල නැවතුම් තබා දුක් ගමනට සසර තුළ අපි මේ බවේදිම නිවනෙහි ලබමු පල 2026 . 10 . 28
කවිය බලන්න