කාන්තාවන්ට ඔන්න දිනයක්..
සන්නාම
LOGOS..
########
දීගයක් නැති ජීවිතේ ..
කනවැන්දුමීලා හමුවුණා මිස.
කව්ද කනවැන්දුමා කීවේ.
තනිව සිටිනා පිරිමියෙකුහට.
තැනක නොරැඳෙන ප්‍රේමයක් තුළ
චපල ගැහැනිය ලෙසට කී දොස.
නමක් තිබුනද ලියපු පොත්වල
මලින් මල රොන් සොයන බිඟුහට.
**************************************
ඇඟලුමේ කම්හලේ පෙම්බස්..
ඇඟෑලුම් වී කඩන සළුපට.
උන් ගියේ ඇයි සැඟව රහසේ..
කුස තුළට නව පණක් එන විට.
ඇබෝසන් තිප්පලේ ඇඳ මත..
කලලයක් කුස බින්ද ඉකියට.
වැරදි සෙව් උන් ඇරියෙ නෑ ඇස්..
කව්ද වැරදුවෙ කියා නුඹහට.
***********************************
සන්නාම එල්ලුවත් ඈ හට..
විකිණෙනා අබිසාරිකා ලෙස.
නමක් නැති වුනෙ ඇයිද යහනේ..
ඇගත මත දිග ඇදුණු. උන්හට.
වර්ණ රේකා හැඩ තලෙන් යස..
ගල් කුලක සිතුවමක හිටියට.
නොදත්තෙද විකිනෙනා බවනුඹ..
අප්සරාවෙනි නැතිව තන පට. ?
************************************
සංවාද සංකතන තුබුනත්..
ජගත් ලලනා දිනෙ හෙට.
මහලු මඩමක නුබ සිටී නම්..
කොතන වැරදුනෙ ළඳුනි අපහට.????
*****************************************
ප්‍රාථමික සත්කාර ඒකකය.
තල්දෙන. බදුල්ල
26.02.2026.
කවිය බලන්න
