වසන්ත කාලය

වසන්ත කාලය

කවීන්ද්‍ර පියදාස සිරිසේන

සුරත් පුල් උවන් කොඳ දත් බබලන්නී රැගත් මල් සුවඳ නල එ සුසුම් ලන්නී සැපත් තුල් ලොවට යසසිරු සලසන්නී වසත් කල් ළකල් කල් අවුදින් ඉන්නී හානා කුඹුරු තැන තැන ගොවියන් තුටින පේනා අඹ දිවුල් තුරු තුරු පල බරින නා නා සියොත් රඟ දක්වන තුටු රුවිණ පීනා යෙයි සතන් මෙ වසත් කල් බැවින පැසර අනඟ ඔපලන සඳුදය කාලේ නිතර වසින මඳ මඳ වැසි රෑ කාලේ නොහැර පිපෙන තුරු ලිය මල් එක තාලේ කවර සැප ඇද්ද ලොව මෙ වසත් කාලේ නැකත් කෙළි ඉවර වී සතුටුව යහළු මහත් වෙසක් සැණකෙළි සමඟින් ලකුළු සැපත් ලකට සිහළුන් විජයිඳු ඇතුළු වසත් කල යෙදේ මේ උත්සව සියළු වසත් කල දිලේ තුරු ලිය මලින් පිරී වසත් පුරා බොති දැන් සිහළු අමිහිරී වසත් සුර නිවන් මඟ දුසිරිත හැසිරී වසත් ඒ හෙයින් එය මාවතක් සරී මන්වා පොරණ මුත්තන්ගේ තෙද මහිම පෙන්වා ඔවුන්ගෙන් අප පැවතෙන බවම දන්වා සිහළ ලේ වල උණුසුම පුදුම ගෙන්වා ගනිව් සිරි ලිය සිහළුනි වහම Creator: Mumemories Credit: Getty Images/iStockphoto
කවිය බලන්න