සිතක සැනසුම.........

සිතක සැනසුම.........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

සුවඳ ලස්සන මල් පිපෙන්නේ විසල් තුරු වල මුදුන් මතමයි සිසිල් පිවිතුරු දිය රැඳෙන්නේ ගැඹුරු ජලයක පතුල තුලමයි හමන මදනල සුව ගෙනෙන්නේ ඈත දුර සිට හමන විටමයි සිතක මතකය සුවඳ වන්නේ අතීතයෙ සිට පැමිණි විටමයි. ගෙවී කාලය නොදැනුවත්වම සිහින සිත සැරි සරන්නේ පෙඟී නෙත් දිය සෝබරව සිත අතීතයෙ සැරිසරන්නේ දෙපා අසරණ වෙලා කෙලෙසද යළිත් පසු පස දුවන්නේ මකා දැමුමට හැකිද කාලය ගෙවෙන තුරු ඔහෙ දුවන්නේ. ලබා ගත් දේ බොහෝ ඇති මුත් කෙලෙස ඒ ගැන සිතන්නේ දිනා ඇති මුත් අවට ලෝකය කවුද ඉන් ජය ලබන්නේ පිනා ගිය මුත් ලැබූ සෙනෙහස අතර කඳුලැලි සොයන්නේ අහිමි වූ දේ අතර පමණයි සිතක් සැනසුම සොයන්නේ.
කවිය බලන්න