පති කුලයට යන දියණියට......
හිම කුසුමක මල් වසන්තයයි
හිනැහෙන තරු මල් අනන්තයයි
පුන් සඳ පෑයූ ලෙස නුබ ගැඹරට
දියණී පති කුලයට සැරසෙයි.
සමනලියක සේ නිදහස ලබමින්
අප දිවි උයනේ පියා සළයි
සුරතලියක සේ සෙනෙහස විදිමින්
අප හද පතුලේ මිහිර ලබයි
සිප් ලොව යසසින් කිරුළද ලබමින්
අනාගතය වෙත පිය ඔසවයි
පති කුලයට යන අද මේ දිනයේ
මා පිය හදවත් හැඟුම් බරයි.
සෙව්වන්දිය ලෙස අප දිවි උයනේ
සුවඳින් මා පිය හද පුබුදයි
කෙළි මඬලේ දිලෙනා තරුවක් වී
ජය ගොස පතුරා දැය සනසයි
දෙගුරුන් ගුරුවරු සැම සිත් අතරේ
පහන් එළිය සේලොව බබලයි
කුමරෙකු අත ගෙන නව දිවි ලැබුමට
සෙනෙහෙන් සතුටින් ගමන් කරයි.
කවිය බලන්න
