සඳ හා තරු..........
සඳ ඉල්ලලා තරුමල් නොපැතූ දවසේ
සිතිවිලි වසන්තයෙ පිපුනා මල් විලසේ
සිහිනෙක රැඳුනු පොපියන හදවත් රහසේ
මිලිනව ගියා පරවුනු මල් ලෙස දුකසේ.
වියැකී ගියත් සුපිපුණු සඳ නොසිතු ලෙසින්
කළුවර අමාවක ඇවිදින් දිවිය තුලින්
දිළිසෙන තාරකාවන් දැක ඈත දුරින්
පැතුවෙමි ලබන්නට එළියක් අඳුර තුලින්.
පෑයූ සඳේ රැස් දිලුනත් සඳ මඬලේ
සැමදා මිහිර ලැබුනේ නැහැ රැස් මඬලේ
අඳුරේ වුවත් දිලෙනා රැස් තරු මඬලේ
සිසිලයි සදා සුව දුන්නේ හද මඬලේ.
කවිය බලන්න
