ලාල් හෑගොඩ කවිඳුන්ට ආසිරි.....

ලාල් හෑගොඩ කවිඳුන්ට ආසිරි.....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

පියඋරුමයෙන් ලද කවිකම පෙරට අරන් සේයා රුවක රඳවා සිත් සසල කරන් හැඟුමන් සතපවා ලෝකය නිසල කරන් ඔබ හට තුති පුදමි සිතිවිලි කුසුම් අරන්. දුහුනෙකු විලෙස කැමරාවක් අතින් අරන් එක් වී ඔබගෙ දේශනයට හිතට අරන් මා ගිය සමය සිහි කරමින් වුවත් දුරින් ඔබවෙත එවමි ආසිරිමල් රැගෙන අතින්. කල සේවයට කවියට සේයා රුවට ඇමතූ බැවින් සබඳේ හැම සිත් වලට සිත්මල් වලින් අමුණා දම් ඔ⁣බෙ ගෙලට පළදමි සුවෙන් දිවි ගෙවනට ඔබ තුමට!
කවිය බලන්න