ආයාචනා............

ආයාචනා............

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

තුරු ලතාවනි සුනිල වූ පුබුදුවාලනු මැනවි කුසුමන් ළඳළු මත තුරු හිස් මුදුන්වල සොඳුරු සුවඳක් විහිඳුවා. තාරකාවනි නිමල වූ දිදුලමින් යළි සිනාසෙනු මැන සීත රැයෙ තනිකම මකන්නට අතීතයෙ සිතුවම් අඳින්නට. නදී කොමළියෙ සොඳුරු වූ ගලායනු මැන නොනැවතී ඔබ රුදුරු බාධක සිකර අතරින් සිඳු මවුන් වෙත සෙනෙහසින්. සඳ කුමරියනි රුසිරු වූ එබී එනු මැන වළා අතරිින් රුදුරු ඝනඳුරු අහස් තලයක පාළු තනිකම මුදා ලන්නට. සරණ සියොතුනි නුබ ගැබේ මියුරු පදවැල් ගයනු නිරතුරු වැටුන පිණිබිඳු මැකී යන තුරු හදවතේ යළි මල් පිපෙන්නට. වැහි වළාවනි අඳුුරු වූ පතිත වන්නට ඉඩ හරිනු මැන එකට ගොනු වුනු ඔබේ කඳුලැළි දැවෙන මා හද ගිනි නිවෙන්නට. දරණ හැම දුක් මිහිලියේ වැළඳ ගනු මැන දෑත් විහිදා සෙනෙහසින් මා ඔබේ තුරුළට සියලු දුක් ගිනි නිවාලන්නට.
කවිය බලන්න