වෙද පියසේ මුණ ගැසුණ නන්නාඳුනන යතිවරු

වෙද පියසේ මුණ ගැසුණ නන්නාඳුනන යතිවරු

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

නමක් ගමක් කුලයක් නොදනිත් තාම
නිමක් නොමැති හදවත සුවඳයි බෝම
පලක් නොවුන කය පස යට නොකලේම
සිලක් වෙන්න නැණ පහනක හැමදාම

ඉහ සිට හිමි හිමින් පිහි තල පීරි ගගා
මස් පිඩු නහර ආ ගිය තැන් ලකුණු බලා
පාඩම් පොතක් පැත්තක මේසයක තබා
නන්නාඳුනන නුඹ ළඟ හිස තබමි නමා

නමින් කුරුස අළු යට කළ තැනක් නැතී
වස්සානයක් දෙන්නට දිවි ගෙවුණ බැතී
ව්ශ්වාසයෙන් මග පැහැදිලි දිනක සිතී
වෙද විදුහලට කය දුන් පින නුඹට ඇතී

AnA 2026,Feb
12th Batch
Faculty of medicine ,Kelaniya

කවිය බලන්න