උදාර කුලරත්න නම් ලංඩන් කවියේ සැරි සැරූ කවියාට.
අරුණෝද 100ක් නිවී ගිය දවසක්
සියුම් තැන් පිරිමදින කවි කලා කෙත
වියම් හැඩ කර කවිය කඳුළු දී නෙත
සියක් උදයක් නැගිට අකුරු කළ හිත
නිවන් යන හැටි බලන්නට සිදුව ඇත
වසන්තය නිමවුනා පමණි මේ බිම
අසන්නට වුණේ දියවන පුවත හිම
නෙක පාට පිරි නුඹය දේදුන්න සම
වසින්නට මේ තරම් හදිස්සිය කිම
කවිය බලන්න
