මචං

මචං

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සසර පුරා එන ලෙස භවයන් ඔස්සේ
වෛරකමත් එනවා ඇති පසු පස්සේ
කවර වැරැද්දක් නොකළ ද කිසි දවසේ
අවර චරිත ඇත රුස්සන් නැති කිසි සේ

එයයි වෙන්න ඇති අපටත් වුණ හරිය
මමයි තරහ වියයුතු එනමුත් බැරිය
ඔයැයි දිනාගත් දා තරඟෙන් දැරිය
දුකයි ඒත් සතුටුයි දැක නුඹෙ විරිය

ඉතිං මචං ඇයි තාමත් අමනාප
දිනුං වුණත් අවුල් ද පෙම් සල්ලාප
ඉහෙං බහිනව ද රෝ බිය සංතාප
හොඳිං ඉමුකො බං අතහැර විස්සෝප

කවිය බලන්න