මිතුරු තොමෝ

මිතුරු තොමෝ

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

ඊයෙත් ළඟම සිටි රූස්ස ගහක් වැනී මේ හදිසියේ ඉදිරී බිම වැටෙනු පෙනී ඈතට ගිහින් පාවී මීදුමක් වුණී ජීවිත වගෙයි තණ අග රැඳි කඳුළු පිණී මෙරු මෙන් පිරිස හිටියට පඳුරක් ගානේ තරු මෙන් දිලෙන අය දුලබයි සන්තානේ අරුණලු මැදින් එන හිරු කිරණක් ඕනේ කරුවල තැනක හිටියත් එළියයි මූණේ දැනටත් වඩා හොඳ ලෝකෙක යන්න හිතා නොකියත් යන්න ඇති සුදුසුම දවසෙ ඉතා බැලුවොත් දකී මිතුරන් ගේ කඳුළු කතා නැවතත් මුණගැහෙමු භවයක නිවන පතා
කවිය බලන්න