කලකට පසු

කලකට පසු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සරසවි බිමට යළි යන්නට වරම් ලද දිනයක් උදාවිය පසුගිය මාසෙ මැද සුදු ගන බිත්ති ආවේණික ලකුණු කඳ මතකය ගෙන ගියා ඈතින් ඈත ඇද ෆ්‍රැන්සිස් පාර ළඟදී වාහනෙන් බැස ඇවිදන් යද්දි අකුරට ගිය නිවස දෙස ගඩොලක් ගානෙ දැන හඳුනන තැනකි ඇස මටනම් දැනුනෙ එය මගෙ මහ ගෙදර ලෙස කවදාවත්ම කටු දෙස නොබැලුව ද දිග ඉස්සරහින්ම ඇති හෝරා කණුව ළඟ මොහොතක් ගත කළෙමි උස පඩියකට නැග මට සහි වුණේ මව් පිය ළඟ සිටින වග ආ ගිය ඇසුරු කළ නැවතුණ පඩි පේළී ලාවට තියේ එහෙමම අහුමුලු කෑලී නාගෙන ගියා වැස්සෙන් ඉතිරුණ පීලී තාමත් හිතේ තෙත එහෙමයි නෑ වේලී
කවිය බලන්න