සුබ උපන් දිනයක්!
ලාල් හෑගොඩ කිවිඳුට
සුබ උපන් දිනයක්!
තෙවැනි ඇසින් දුටු ලෙස ලෝකය සයුර
දෙවැනි නොවිණ කවියෙන් පෙන්නූ දඟර
එවැනි කෙනෙක් සමරයි උපතක මිහිර
පැරණි නොවේ නම ගෙවුනත් දින වසර
කාල් ගගා දුක සැප දිවියෙහි නපුර
හීල් බත් වගේ රහ කවි කළ නිතර
වාල් නොවී කාටත් බැබලෙන අතර
ලාල් උපන් දිනයක් සමරමු සොයුර
