අකල

අකල

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

කවියේ ඉහළ මුදුනෙම ජයකොඩි බන්දා හෙළයේ මහා මියැසිය ලෙස නම බැන්දා දිවියේ ආයු සැප බල ප්‍රඥා වින්දා ගීයේ කිරුළ මත නුඹ මැණිකකි නන්දා එහෙමත් පුණ්‍ය බල නොතිබුණ කලා මගේ කොතෙකුත් කලාකරුවන් මතකයට නැගේ විජයත් ප්‍රේම් අයියත් ඒ හිටිය වගේ ජීවත් වුණානම් අද මොන තරම් අගේ මිල්ටන්ලාත් ජෝතිත් තම කලා කෙතේ කළ සින්දුවෙන් අප හදවත් පිරී යතේ ජැක්සන් කලාවට නිපුණෙකි සතර අතේ අකලෙන් ගියත් ගියමග තව සුවඳ ඇතේ
කවිය බලන්න