ලිහිණි

ලිහිණි

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

පියාඹද්දි ඈතට ලිහිණියක ලෙස පියාගතිමි දෑසම ගන අඳුරු කුස කියාගන්නවත් බැරි හිස් බවකි හිස ඔයා යළිත් එනතුරු මග බලයි ඇස පිදුරුතලාගල සමනල කන්ද වගේ කුරිරු බරක් තෙරපයි පපු කුහර මගේ අසුරු සැනින් තෙත්වෙන ඇස් කෙවෙනි දිගේ සොඳුරු මතක දිලිසී මතකයට නැගේ උපන් දා පටන් මේ වනතුරුම හිතේ මෙවන් පාළුවක් මට මතකයක නැතේ ළඟින් නැති වුණත් හැම මොහොතකම අතේ තුටින් සනීපෙන් සුරැකිව ඉඳින් පුතේ Photo Credit; Mohamed Awwam
කවිය බලන්න