යලි නොඑන පුතුට..!
(ලබැඳි යෙහෙලියකගේ පුතු අකාලයේ මෙලොව හැරයයි.😥)
පින්න මලක දැවටෙන මුදු සඳ
වතුර..!
යන්න ගිහින් සියොතුන් වනපෙත අතැ'ර..!
දුන්න සිහින ජීවිත ගමනේ
දිගැ'ර..!
"වෙන්වයාම" යලි එක්වීමකි
සසර..!
සඳකැන් දහර උතුරා කොත් කැරැල්ලට..!
තෙමමින් කඳුළු කැට වැටුනා කැදැල්ලට...!
විඳිමින් පවස සරතැස හිමි
ඉඳිල්ලට..!
සතුටින් සසර ගණුදෙනු විය ඇසිල්ලට...!
විල් නිල් තෙර සුපිපි සියපත හිරු රැසිනී...!
දුටු හැම විටම පුතු මුව හස කැන් පිරුනී..!
සුන්වී රැයේ දුටු හීනය රස
ගිහිණී..!
නුඹ හැරගියේ අපෙ ලෝකය ,ඇයි පුතුනී..?
මොහොතින් ඇදී නාවත් ඉඳුදුණු
අස්සේ..!
අහසක් වගේ අපි වැලපෙනවා තිස්සේ..!
ගිලිහුණු වදන් එළිපිට නොතියා රිස්සේ..!
"වියොවක් කියන්නෙම ,ඇරඹීමක්" පස්සේ..!
පැතුමක් වෙලා ඉපදී දිවි
දුන්නාම...!
කතරක් එළියදී නව හිරු
නැඟුනාම...!
බිඳුවක් දිය ,නොදී පවසක්
නිවුනාම..!.
අහසින් බැසගියා " සඳවත"
නොකියාම...!
දවසක් උදාවී අරමුණු
සැබෑවුන...!
අරුණළු කැරලි ආදරයෙන්
සිනාවුන..!
වැළලුණු මිහිමතින් උණුහුම
ලබාගෙන...!
සැනසෙනු පුතුනි සසරේ දුක්
නිවාගෙන...!
2025.02.25
