අමරණීය ගී කෝකිලාවියට...🌹
ජාතිය වෙතම ආදරයෙන් හද රන්ඳා...!
පෑබර හැඟුම් වෑහෙන ගී පද බැන්ඳා...!
පාරන රිදුම් දෙන සෝ දුක් වත කැන්ඳා...!
පායන සඳක් බැස ගියෙ කෙලෙසද මන්දා..?
සප්ත ස්වර ගොළුවී කඳුලක බන්ඳා...!
වස්දඬු රාවයෙන් මතකය ඉකි බින්ඳා...!
නීරස රිදුම් වුව ආදරයෙන් රන්ඳා...!
ආදර ලොවින් බැස ගිය "සඳවත" නන්දා...!
පීඩිත දන හදට සැනසුම් සුව කැන්ඳා...!
'පවනින් 'හෙළ දෙරණ එක ධජයක බැන්ඳා...!
වාවමි කෙලෙස ගී ලොව ඔබ නැති හන්ඳා...!
නොමියෙන ගමන් ගිය "සුරවමියකි" නන්දා...!
හෙළ ගී අඹර පෑයූ රන් තරු කැන්ඳා...
පායන සඳට ඔබ රහසින් පෙම් බැන්ඳා..
මී අම රසින් නාමය සිත් තුල රන්ඳා...
පෑබර හැඟුම් වෑහෙන "කෙවිළිය" නන්දා...!
විඳිමින් සුර බඹුන් මනුලොව සුව කැන්ඳා..
උපදින් යලිත් මව්බිම අභිසෙස් බන්ඳා...
සවනින් මධුර හඬ, පීඩිත හද රන්ඳා..
"නිවනින් සැනසෙන්න ගී රැජිණිය" නන්දා...!
2026.08.25
කවිය බලන්න
