මතක.....!
සමනල කන්ද පාමුල, මනරම් බිමක....!
ඉඳිකල අලුත් විදුබිම් , සෙවනෙහි මතක ..!
ගතකල සොයුරු සෙනෙහේ ,සිහිවන විටෙක...!
හැමකල රිදුම් දෙන කඳුලක් , ඇත නෙතක..!
මිතුදම් සොයුරු සොහොයුරියන් ,හා බැඳුනා...!
මනුදම් සුරැකීම පණනල සේ ,රැකුනා.. !
විදුබිම් සෙවන යට සිප්කිරි දී ,සොඳිනා...!
"රන්දම් "පොටක ගුරුපෙම ඇමිණී තිබුනා...!
තාලය ගෙවී ඇත ලෝකය , යයිකැරකී....!
කාලය පියඹමින් වසරින් , වසවියැකී...!
ඉතිරිව ඇති තවත් හැම සැමරුම්, දුකකී...!
මිහිරිව " මුල් යුගය "අප ගත කල පිනකී...!
තුරුපත් මද නලක සුදු මුදු,සුවය වැනී ..!
සියපත් විල් තෙරක හිරුරැස්,වැළඳ ගනී...!
සුවපත් පරපුරක ආදර,මිහිර දැනී...!
වියපත් හද සුසුම් රිදවුම්,ඉවත පනී..!
පතුලේ දිලෙන නිල් දිය නොකැළැල්, සාර....!
බිහිවේ දහස් ගනනින් දරුවන් ,ධීර...!
"විදුබිම" නොසෙල්වෙන සෙන්පතියෙකි වීර... !
"කවිමල් පුදමි "ඔබටයි මේ උපහාර..!
2026.06.28
කවිය බලන්න
