ගුරු සිතක්..!

ගුරු සිතක්..!

ලලනී ගීකියනගේ රත්නපුර

ගී පොත රසඳුනකි දෙසවන මන මත්වී...! මීවිත පිරෙයි නෙතු යුග සිහිලෙන් තොස්වී..! සෑ කොත් කැරලි සේ දිදුලන පින උස්වී..! පෑ අත්තලට තාලය තැබුවා රැස්වී..! තිස් එක් වසරකිය අභිමානය රැන්ඳූ..! 'කුමරෙහි 'මුල් ගුරුන් අපිමය ජය කැන්දූ..! කිරුළෙහි බර දරන් ගයමින් ගී සිංදූ..! තනතුරු සියළු එක කුස බැමිමය බැන්දූ..! ගතවී ගියත් කාලය වසරින් වසර..! හිරු බැස ගියා ගණඳුර රජයන අතර..! පිනිබිඳු සැලෙන හිමිදිරි උදයේ නිතර..! සැලමුතු සෙනෙහසින් සිපගත් සිප් සයුර..! විහඟුන් ලැගුම් සොයමින් තුරුපත් අතරේ..! හිරු සැඟවිලා සඳු පායා ඇත අඹරේ..! දරුවන් ලොව දිනා අපි තනිවන කතරේ..! එක් වී සිනාසෙමු ,නවතින තෙක් සසරේ..! 2026.07.30
කවිය බලන්න