අමරස...!

අමරස...!

ලලනී ගීකියනගේ රත්නපුර

සඳ කොමලියට ඟං දිය අත වනන හැටී.. !
විඳ විඳ මිහිරි මතකය සිහිකරනු දිටී..!
සිඳ දුක් ගැහැට රැහැනින් ගං දියට වැටී...!
හද රැඳි රිදුම් සුසුමක දිය කරනු වටී...!

කැලේ දල ඇත්තු දළ බිඳගත් සේමා..!
වැලේ ගෙඩි වැලට බර නැතුවා බෝමා..!
උලේ ඇනිඇනී නලියන සිත පේමා...!
හිතේ රිදුම් හිතයට සඟවනු කෝමා..?

කසාවත ගෙනෙන සුවදායක වතක..!
මුසාවක වෙලී ජීවිත ඔරු කඳක...!
පතා එතෙරවන සසරේ දුක් ගොඩක ...!
අසා ඇති ලෙසම දුක් දොම්නස් හිතක...!

ජීවන කතර තරණය කලයුතුවන්නේ.. !
සම්බුදු වදනමයි නිති පිහිටට එන්නේ ..!
වෙරවීරිය වඩා සසරින් ගොඩවන්නේ...!
මුණි දෙසු දහමේය අමරස ඉහිරෙන්නේ..!

නැග එන පුන් සඳේ අසිරිය විඳිනු රිසින්..!
බෝපත් ලෙලෙයි සිලි සිලියේ මිහිරි නදින්....!
සිතතුල වැතිර සුව මදනල එතෙයි නිතින්... !
බුදු හිමි පා කමල සිඹිනෙමි ඉතා බැතින්.. !

කවිය බලන්න